වර්ෂ 2014 ක්වූ ජනවාරි 16 වැනිදා බ්‍රහස්පතින්දා




මිත්තණියකගේ භූමිකාව

මිත්තණියකගේ භූමිකාව

රංගන ශිල්පිනී කුසුම් රේණු

දුක්බර වසරක් වූ ගිය වසරට වඩා මෙවර උදා වූ වසර සුබ වසරක්ය යන අදහසෙන් මා පසු වෙනවා. එහෙම වෙන්න ප්‍රධාන හේතුව මා වසර ආරම්භයේම මිත්තණියකගේ භූමිකාවට උරුමකම් කීමයි. ඒ මගේ දියණිය ජනවාරි 07 වැනිදා ඇයගේ පළමු දරුවා බිහි කිරීමයි. ඇයත් දියණියක්. ඇගේ ‘ඔහෑ - ඔහෑ’ හඬෙන් මුළු නිවෙසම පිරිලා. ඊට අමතරව ශ්‍රියන්තට හොඳම නළුවාට හිමි සම්මානය ලැබුණා. ඒ රූපවාහිනි සම්මාන උළෙලේදී ඔහුගේ දක්ෂතාවයට උපරිම ලෙස සාධාරණය ඉෂ්ට වූ බවක් මට දැනෙනවා.

 ඒත් සමඟම ජයන්ත චන්ද්‍රසිරි වගේ ප්‍රවීණ අධ්‍යක්ෂවරයෙක් යටතේ රඟපෑමට ලැබීමත් මගේ රංගන ජීවිතය්දී මා ලැබූ භාග්‍යයක්. ඒ දුටුගැමුණු රජුගේ මව වූ විහාර මහා දේවිය විදිහටයි. මුළු රටක් ආදරය කළ, කරන එවැනි ශ්‍රේෂ්ඨ කාන්තාවකගේ චරිතයට පණ පෙවීමට ලැබීම මට හිමි වූ අපූරු අවස්ථාවක්. එපමණක් නොවෙයි, ‘මහ රජ ගැමුණු’ චිත්‍රපටයෙහි රූගත කිරීම් ආරම්භ කරන්නේ අද දිනයේයි. ඒ කියන්නේ මගේ උපන් දිනය යෙදුණු අද දිනයෙහිම එවැනි අපූරු කටයුත්තකට මුල පිරීමට ලැබීම මට කිසිම දිනක අමතක නොවේවි. මෙවර උපන් දිනයට මට ලැබුණු මේ දායාද කිහිපය ගැන මගේ සිතේ තියෙන්නේ අප්‍රමාණ සතුටක්.