වර්ෂ 2014 ක්වූ ජනවාරි 16 වැනිදා බ්‍රහස්පතින්දා




අරුම පුදුම සිඟිති සුරතල්

අරුම පුදුම සිඟිති සුරතල්

ජීවිතයේ අර්ධ ශතකය පසුකර සිටිය ද තවමත් සිමන් කොවෙල්ට සිඟිති සුරතල් අරුම පුදුමය. ඔහුගේ හිටපු පෙම්වතිය සිනිතා මේ දිනවල පනස් හතර හැවිරිදි ඔහු පීතෘත්වයට පෙර පුහුණුවක් ලබමින් සිටින බව පවසන්නීය.

‘එක්ස් ෆැක්ටර්’ රියැලිටි වැඩසටහනේ ජනප්‍රියම චරිතයක් හා බ්‍රිතාන්‍ය සංගීත ක්ෂේත්‍රයේ දැවැන්තයකු වූ සිමන් කොවෙල්ගේ සහකාරිය ලෝරන් සිල්වර්ටන් දරුවකු අපේක්ෂාවෙන් සිටින්නීය.

හිටපු පෙම්වතිය සිනිතා ‘මග්දලේනා’ නම් අඬන සහ මුත්‍රා පිට කරන බෝනික්කා ඔවුන් දෙපලට තිළිණ කරදී තිබේ.

‘කොවෙල් බෝනික්කා සමඟ සිටින ආකාරය දුටු විට සැබැවින්ම සිනහා යනවා. ඔහු එක් පැත්තකට හැරෙන විට දරුවා හඬනවා. අනෙක් පැත්තට හැරෙන විට දරුවා මුත්‍රා කරනවා. කරන්න ඕන මොනවද කියලා ඔහුට තේරෙන්නේ නැහැ.’ ඇය පවසන්නීය.

දරුවා බිහි කිරීමට ඔවුන් තෝරාගෙන ඇත්තේ බ්‍රිතාන්‍යයයි.