වර්ෂ 2014 ක්වූ ජනවාරි 16 වැනිදා බ්‍රහස්පතින්දා




සද්ධාතිස්ස වෙලා

සද්ධාතිස්ස වෙලා

රංගන ශිල්පී සාරංග දිසාසේකර

මේ උදා වූ නව වසරෙහි මගේ කටයුතු සුපුරුදු ලෙසම කරගෙන යනවා. මගේ රංගනයෙන් හැඩවන ‘පබසර’ වගේම ‘මුතු පලස’ ටෙලි නාට්‍යත් මේ දවස්වල විකාශය වෙනවා. ලැබෙන ප්‍රතිචාර නම් ගොඩක් හොඳයි.

ඒ වගේම මගේ උපන් දිනය යෙදී තිබෙන්නේ හෙට දවසේ වුණත්, ඒ සඳහා අපූරු උපන් දින තෑග්ගක් මට ලැබුණා. ඒ ජයන්ත චන්ද්‍රසිරි කියන ප්‍රවීණ අධ්‍යක්ෂවරයාගේ ‘මහ රජ දුටුගැමුණු’ චිත්‍රපටයෙහි සද්ධාතිස්සගේ චරිතයයි. එවැනි චරිතයක් රඟපෑමට ලැබීමත්, ජයන්ත චන්ද්‍රසිරි නම් ප්‍රවීණ, දක්ෂ අධ්‍යක්ෂවරයකු යටතේ රඟපෑමට ලැබීමත් මගේ පරපුරේ අයෙකුට හිමි නොවන අපූරු අවස්ථාවක් විදියටයි මම දකින්නේ.