වර්ෂ 2014 ක්වූ ජනවාරි 16 වැනිදා බ්‍රහස්පතින්දා




කොස්තා - නදීකා - වීණා එකම තිරයක

කොස්තා - නදීකා - වීණා එකම තිරයක

විමල් කුමාර ද කොස්තා, නදීකා ගුණසේකර සහ වීණා ජයකොඩි ප්‍රථම වතාවට එකට රඟන ටෙලි සිතුවමක මුහුරත් උළෙල පසුගියදා ජාතික චිත්‍රපට සංස්ථාවේ තරංගනී ශාලාවේදී පැවැත්විණ. සැවුල් පාලි නම් වූ එය ආර්. කේ. අලුත්විදියගේ අධ්‍යක්ෂණයකි.

කොටස් හතළිහක ටෙලි සිතුවමක් වන එය චමින්ද කහඳවආරච්චිගේ නිෂ්පාදනයක් වේ.

විමල්, වීණා, නදීීකා සමඟ ජනක් ප්‍රේමලාල්, නිරෝෂන් විජේසිංහ, හිමාලි සිරිවර්ධන, රනිල් කුලසිංහ, මහේන්ද්‍ර වීරරත්න, නෙතලි නානායක්කාර, සුදර්ශි ගැලනිගම, සමදරා ආරියවංශ, දිල්හානි පෙරේරා, අරුණි මෙන්ඩිස්, ජයරත්න ගලගෙදර, විල්මන් සිරිමාන්න, රවිඳු දිසානායක, සමන්ත කුමාර ගමගේ, නදීශා මදුශානි, අචල වල්පොල, සුජීව උඩවත්ත, ප්‍රභා දුශාන්ති, ශර්ලි ජයසිංහ, ප්‍රබුද්ධ සම්පත්, කෝකිල සෙනෙවිරත්න, කාවිංග ශ්‍රීමාල් ඇතුළු පිරිස සැවුල් පාලි රංගනයෙන් හැඩ කරයි.

විමල් කුමාර ද කොස්තා නිෂ්පාදන විධායකත්වයෙන් එක්වෙති. ධම්මික දිසානායකගේ කැමරා අධ්‍යක්ෂණයකි.

ජානක ෆොන්සේකා සංගීත අධ්‍යක්ෂවරයාය. නලින් ප්‍රේමතිලක අංග රචනයෙන් ද, විරංග කැටපෙආරච්චි සංස්කරණයෙන් ද, භාතිය බෝගහකුඹුර සහ රසික ප්‍රියංකර නිෂ්පාදන කළමණාකරණයෙන් ද, චින්තක විජේරත්න කලා අධ්‍යක්ෂණයෙන් ද, චමින්ද උඩවෙල සහාය අධ්‍යක්ෂණයෙන් ද සැවුල් පාලි සඳහා දායක වෙති.

රුවිර ලියනආරච්චි කාර්මික උපකරණ සහ සංස්කරණ මැදිරිය සපයා ඇත.

මේ සැවුල් පාලි පිරිවර මුහුරත් උළෙලදා සමූහ ඡායාරූපයකට පෙනී සිටි අයුරුයි.