වර්ෂ 2014 ක්වූ ජනවාරි 16 වැනිදා බ්‍රහස්පතින්දා




දුවගේ හාදකමට අම්මාගේ විරෝධය

දුවගේ හාදකමට අම්මාගේ විරෝධය

අම්මා කෙනකු දරුවකු සතුටින් තබා ගැනීමට නොකරන දෙයක් නැත. එය මේ මුළු ලෝකයේම මවුවරුන්ට පොදු වූ කරුණකි. ඇඳුම් මාරු කරනවාක් මෙන් කාන්තාවන් මාරු කරන සෝන් පෙන්, චාලිස් තෙරෝන් සමඟ පෙම් සබඳතාවක් පවත්වන්නට ගත් පසු වඩාත්ම තිගැස්මට පත් වී සිටින්නේ චාලිස්ගේ මව ජර්ඩාය. තම දියණියගේ හදවත නොපාරවන ලෙස කඳුළු පිරි දෑසින් ඇය සෝන්ගෙන් කිහිප වරක්ම ඉල්ලා තිබේ.

එසේ නොකරන බව සෝන් තරයේම පවසා ඇත. 1985 සිට 1989 දක්වා විවාහ වී සිටියේ සුපිරි ගායිකා මැඩෝනා සමඟයි. 1996 සිට 2010 දක්වා ඔහුගේ බිරිය වුණේ නිළි ගායිකා රොබින් රයිට්ය.

අමෙරිකානු නළුවකු, තිර රචකයකු, අධ්‍යක්ෂයකු හා දේශපාලන ක්‍රියාකාරිකයකු වූ ඔහු මිස්ටරි රිවර් (2003) සහ මිල්ක් (2008) රංගනයන්ට ඇකඩමි සම්මාන දිනාගත් නළුවෙකි. තිස් අට හැවිරිදි චාලිස් තෙරෝන්, ඇකඩමි සම්මානයක් දිනාගත් පළමු අප්‍රිකානු අමෙරිකානු නිළියයි. ඒ මොන්ස්ටර් (2003) රංගනයටයි.

ඇය මුලින් විවාහ වී සිටියේ ස්ටුවට් ටවුන්සෙන්ඩ් නම් අයිරිෂ් නළුවා සහ අධ්‍යක්ෂවරයා සමඟයි. චාලිස් 2012 වසරේදී දරුවකු හදා ගැනීමට ගත්තාය.