වර්ෂ 2014 ක්වූ ජනවාරි 16 වැනිදා බ්‍රහස්පතින්දා




විවේක සුවයෙන් රංගන ශිල්පිනී

විවේක සුවයෙන් රංගන ශිල්පිනී

ජයනි සේනානායක

මේ දවස්වල මම බොහොම විවේක සුවයෙන් තමයි කාලය ගත කරන්නේ. එක දිගටම රඟපෑම් කටයුතුවල නියැළුණ නිසා මම මේ ගෙවන විවේක දිවිය කොයි තරම් සුන්දර ද කියලා හිතෙන්නේ දැන් තමයි. ඒ සුන්දරත්වය වඩාත් අර්ථවත් වෙන්නේ මගේ මහත්තයා මගේ ළඟින්ම ඉන්න නිසයි. ඒ වගේ මේ විවේකය වඩාත් අර්ථවත් දෙයකටත් යොදා ගන්න මා උත්සාහ කරනවා. ඒ නිර්මාණ පිළිබඳ අධ්‍යයනයක යෙදෙන්නටයි. රංගන ශිල්පිනියක් විදියට රඟපෑමට නම් නිර්මාණ අධ්‍යයනය බොහොම වැදගත්. තවත් මාස තුනකින් පසුව මගේ රංගනය ප්‍රේක්ෂකයන්ට නැවතත් දැකගන්න ලැබෙන බවත් මේ සමඟම කියන්න ඕනෑ.