වර්ෂ 2014 ක්වූ ජනවාරි 16 වැනිදා බ්‍රහස්පතින්දා




ජිප්සීස් සුනිල්ගෙන් අනුරට තොප්පියක්

ජිප්සීස් සුනිල්ගෙන් අනුරට තොප්පියක්

ජනපි‍්‍රය ගායක අනුර පළිහවඩන ට ජිප්සීස් නායක සුනිල් පෙරේරා තමන්ගේ ජනපි‍්‍රය ගීත දොළහක අයිතිය පසුගිය දා පැවරුවා. අනුර සුනිල්ගේ හොඳ රසිකයෙක් වගේම ඔහුට ගරු කරන කෙනෙක්. ඒ වගේම මේ දෙන්නාගේ රූපයත් කටහඬත් ටිකක් සමානයි. අනුරට ඩුප්ලිකේට් සුනිල් කියා නමක් පටබැඳුණෙත් ඒ හින්දා. මේ ළඟදි දවසක අනුර සුනිල්ව හමුවෙන්න සුනිල්ගේ ගෙදරට ගියා. සුහද කතාබහ අවසානයේ දී සුනිල් තමන් සතුව තිබූ වටිනා තොප්පි තුනක් එදා අනුරට තෑගි විදියට දුන්නා. අනුරට ඒ ගැන හරිම සතුටුයි.

ඔහු මේ ගැන මාධ්‍ය හිතවතකුටත් පැවසුවා. ‘ආ.... උඹ අනුන්ට තොප්පි දැම්මා හොඳටම ඇති. දැන් ඉතිං මේ තොප්පි උඹට දාගන්න පුළුවන් නේ.’ කියලා මාධ්‍ය මිතුරා පුංචි විහිළුවකුත් කළා. අනුර දැන් ප්‍රසංගවලට විතරක් නෙවෙයි කඩපිලට යන්නෙත් මේ තොප්පි මාරුවෙන් මාරුවට දාගෙනලු. ඒ විතරක් නෙවෙයි අනුර මේ තොප්පි ගලවන්නේම නැහැලු. රෑට නිදා ගන්නෙත් තොප්පි දාගෙනම කියලා තමයි ආරංචිය.