මුල් වැඩෙන්ම එපා වෙලා
මුල් වැඩෙන්ම
එපා වෙලා
ගයන්ත විජේරත්න අපේ සංගීත ක්ෂේත්රයේ ජනප්‍රිය ගායන ශිල්පියෙක්. ‘රවුම් කඩේ’, ‘සුදු
පාට මල් වැටුණු රතු පාට රැළි ගවුම’ ගීත වගේම ඔහුගේ ‘මේ මුතු කැටය මගේ’ ගීතයත් අතිශය
ජනප්‍රිය වූ ගීත ගොන්නට ඇතුළත් වුණා.
ගායන ශිල්පියෙක් විදියට කලා ලොවට පිවිසි ගයන්ත
පසුගිය කාලයේ ‘රිදී සිත්තම්’ ටෙලි නාට්‍යයෙන් රංගනයටත් පිවිසියා.
ඒ වුණාට ඊට පස්සේ නම් ගයන්තව රංගන ක්ෂේත්රයේදී අපට හමුවුණේ නැහැ. එත් පසුගිය දවසක
පැවැති ටෙලි නාට්‍යයක මුහුරත් උළෙලකට ගයන්තත් ඇවිත් හිටියා. එදා එතැනට පැමිණි බොහෝ
දෙනකුම හිතුවේ මේ ගයන්ත මීළඟට රංගනයෙන් දායක වෙන්න නියමිත ටෙලි නාට්‍යය කියලයි.
ළඟ
හිටපු හිතවතෙක් ගයන්තගෙන් ඇහුවා ‘ඔයා කාලෙකට පස්සේ ආයෙත් රඟපාන්න හිතුවද කියලා’.
‘පිස්සුද? මම පළමු ටෙලි නාට්‍යයෙන්ම රංගනය ගැන අදහස අතහැරලා දැම්මා. දන්න සංගීතය
කරගෙන පාඩුවේ ඉන්නවා’ ගයන්ත තව මොනවත් අහන්න කලින්ම අර හිතවතාට පැවසුවා.
|