|
මම දේශපාලනයට නෑ
- සල්මන් ඛාන්
හමුදා සේවයෙන් ඉවත් කෙරුණු සෙබළෙක් වටා ගෙතුන කතා පුවතක් මෙම චිත්‍රපටයේ ඇතුළත් වෙලා තියෙන්නේ. ජායි අග්නිහෝර්ති හමුදා සේවයෙන් ඉවත් කෙරෙන්නේ යම් අවස්ථාවකදී අණ පිළිනොපැදීම හේතුවෙන්. එය අවස්ථාවක් කර ගන්නා ජායි අලුත් බලාපොරොත්තුවක් සහිතව අලුත්ම වැඩ පිළිවෙලක් ක්‍රියාත්මක කරන්න සූදානම් වෙනවා. ඒ වෙනුවෙන් ඔහු යන්නේ ඈත පළාතකට. මෙතැන් සිට ඉදිරි කාලය ඔහු ගත කරන්නේ මිනිසුන් සමාජයට වැඩදායී ලෙසින් හැඩ ගස්වන්නටයි. ජායි හට ඒ වෙනුවෙන් බොහෝ කැප කිරීම් කරන්නත් සිදු වෙනවා. ඔහු වෙතට පැමිණෙන විවිධ බාධක කම්කටුළු අතරට ඒ පළාතේ සිටින ප්‍රබල දේශපාලනික පවුලකින් එල්ල වන තර්ජන ගර්ජනයන් ද ඇතුළත්. එහිදී ජායිට මේ දේශපාලන පවුල සමඟින් ගැටෙන්නත් සිදු වෙනවා. එහෙම වුණත් සුපිරි නළු සල්මන් නම් කියන්නේ මෙය කිසිසේත් දේශපාලනික පසුබිමක් ගෙනෙන චිත්‍රපටයක් නොවන බවයි. සල්මන් පසුගිය දවසක මේ විදියට ප්‍රකාශයක් නිකුත් කළේ ‘ජායි හෝ’ චිත්‍රපටයේ ගීතයක් දේශපාලනික වශයෙන් යොදා ගැනීමට විරුද්ධවයි. ‘ජායි හෝ කියන්නේ ක්‍රියාදාම චිත්‍රපටයක්. අපූරු කතා පුවතක් රැගෙන එන ජායි හෝ හි ප්‍රේමණීය මෙන්ම හැඟීම්බර සිදුවීම් ද ඇතුළත්. එහි දේශපාලනය නැහැ. මම ආදරණීය රසිකයන්ගෙන් ඉල්ලා සිටින්නේ ජායි හෝ නරඹන ලෙසයි’ කියමින් ඔහු පසුගියදා නාග්පූර් හිදී ප්‍රකාශ කර තිබුණා. සල්මන් ඉල්ලා සිටින්නේ ජායි හෝ චිත්‍රපටයේ අඩංගු ‘ආමි අදාමි’ ගීතය හෝ එහි දෙබස් කිසිම දේශපාලන පක්ෂයකට යොදා නොගන්නා ලෙසයි.
ජායි හෝ චිත්‍රපටයේ මෙන්ම සැබෑ ජීවිතයේත් සල්මන් කියන්නේ හොඳ සමාජ සේවකයෙක්. ඒ වගේම
ඔහු දේශපාලන කටයුතු සමඟ සම්බන්ධව කටයුතු කළ අවස්ථාද නැති තරම්. ඒ වගේම මීට කලකට
ඉහතදී ඉන්දියා ටුඩේ වෙනුවෙන් කළ පුවත්පත් සාකච්ඡාවකදීත් සල්මන් පවසා තිබුණේ තමන්
කෙදිනකවත්
එසේම ඉන්දීය මැතිවරණය සමඟ දිල්ලි හි මුසෆරන්ගර් හි ඇති වූ ගැටුම්වලින් විපතට පත් වූ
පවුල් සහ ළමුන් වෙනුවෙන් ආධාර කිරීමට ද සල්මන් විශේෂ ප්‍රසංගයක් පවත් වන්නත් කටයුතු
සූදානම් කර ඇති බවත් වාර්තා වෙනවා. එසේම ආමි අදාමි පක්ෂය ගැන ප්‍රකාශයක් කරන්නත්
ඔහු අමතක
සල්මන්ගේ සොයුරු සෙහෙල් ඛාන් අධ්‍යක්ෂණය කළ ජායි හෝ ප්‍රදර්ශනය ආරම්භ කලේ පසුගිය 24 වැනිදා. ඉන්දියානු රුපියල් කෝටි 75 ක වියදමක් දරා නිෂ්පාදනය කළ ජායි හෝ පළමු දින තිරගතවීමෙන් වාර්තා කළ ආදායම ඉන්දීය රුපියල් කෝටි 17 ක්. සල්මන් මීට පෙර රංගනයෙන් දායක වූ චිත්‍රපට සමඟ සැසඳීමේදී මෙය එතරම් සාර්ථක එකක් නොවනු ඇති බව විචාරක මතයයි. වෝන්ටඩ්, ඩබාන් වැනි චිත්‍රපට මීට වඩා සාර්ථක වූ බවයි ඔවුන් සඳහන් කර සිටින්නේ. 2012 වසරේ තිරගත වූ එක්තා ටයිගර් පළමු දිනයේ පමණක් ඉන්දීය රුපියල් කෝටි 30 ක් වාර්තා කරන්නට සමත් වී තිබුණා. කෙසේ නමුත් ජායි හෝ චිත්‍රපට කණ්ඩායමේ අපේක්ෂාව පළමු සති අන්තයේදී ඉන්දීය රුපියල් කෝටි 100 ක ආදායමකි. සල්මන් ඛාන් සමඟ තාබු, සානා ඛාන්, ඩේසි ෂාහ්, සුනිල් ෂෙට්ටි ජායි හෝ චිත්‍රපටයට රංගනයෙන් දායකත්වය ලබා දෙනවා. ජායි හෝ රචනය ඒ. ආර්. මුරුගදාස් විසිනි. මෙම චිත්‍රපටයේ සාර්ථක අසාර්ථකභාවයට තමන් ද බලපානු ඇති බවත් සල්මන් තවත් වරෙක පවසා තිබූ බවත් මාධ්‍යයේ සඳහන්. නමුත් තවම ගත වෙන්නේ ජායි හෝ තිරගතවීමේ දෙවැනි සතියයි. ඉදිරි කාලය එහි සාර්ථක අසාර්ථක බව තීරණය කරනු ඇත. |