|
T o p T e nRide Along ඉදිරියට පෙබරවාරි මාසය ආරම්භක සතියේ හොලිවුඩ් චිත්රපට අතර අංක එක හිමිකර ගෙන ඇත්තේ ටීම් ස්ටෝරි අධ්යක්ෂණය කළ Ride Along චිත්රපටයයි. හාස්යද රැගත් ක්රියාදාම චිත්රපටයක් වන Ride Along හි අයිස් කියුබ්, කෙවින් හාර්ට්, ජෝන් ලෙග්යුස්මෝ, බෲස් මැක්හිල්, ටීකා සහම්ප්ටර්, බ්රයන් කාලන් ඇතුළු පිරිසක් රංගනයෙන් දායක වෙති. අමෙරිකානු ප්රදර්ශනයේ තෙවන සතිය ගත කරන මෙම චිත්රපටය පසුගිය සති අන්තයේදී අමෙරිකානු ඩොලර් මිලියන 12.3 ක ආදායමක් වාර්තා කළේය. දෙවැනි ස්ථානය හිමි වන්නේ පරිගණක සජීවකරණ චිත්රපටයක් වන Frozen චිත්රපටයට යි. පසුගිය වසරේ නොවැම්බර් 27 වැනිදා සිට ලොවපුරා ප්රදර්ශනය ආරම්භ කළ Frozen අමෙරිකානු බොක්ස් ඔෆීස් චිත්රපට දර්ශකයේ දැන් ගෙවෙන්නේ එකොළොස් වැනි සතියයි. එය අවසානයේදී වාර්තා කළ ආදායම අමෙරිකානු ඩොලර් මිලියන 9.3 ක්. That Awkward Moment චිත්රපටය තෙවැනි ස්ථානයේ පසුවේ. ටොම් ගොවිකන් අධ්යක්ෂණය කළ මිතුරන් තිදෙනෙකු වටා ගෙතුන අපූරු කතා පුවතක් ගෙන එන මෙම චිත්රපටයට රංගන දායකත්වය ලබා දෙන්නේ සැක් එෆෝර්න්, මිල්ස් ටෙලර්, මයිකල් බී. ජෝර්ඩන්, ඉමොගන් පෝට්ස්, මැකින්ස් ඩේවිස්, ජෙසිකා ලූකස් ඇතුළු පිරිසක් විසිනි. ගෙවීගිය සති අන්තයේදී එය අමෙරිකානු ඩොලර් මිලියන 9 ක ආදායමක් වාර්තා කළේය. පීටර් ලෙපෙනිඔට්ස් අධ්යක්ෂණය කළ පරිගණක සජීවකරණ චිත්රපටයක් වන The Nut Job චිත්රපටය අමෙරිකානු බොක්ස් ඔෆිස් චිත්රපට අතර සිව්වැනි ස්ථානයේ පසුවේ. පසුගිය ජනවාරි 17 වැනිදා ප්රදර්ශනය ආරම්භකළ එය පසුගිය සතියේදී වාර්තා කළ ආදායම අමෙරිකානු ඩොලර් මිලියන 7.6 ක්. පීටර් බ්රෙග් අධ්යක්ෂණය කළ Lone Survivor පස්වැනි ස්ථානයට පැමිණ ඇති චිත්රපටයයි. ක්රියාදාම චිත්රපටයක් වන මෙහි මාර්ක් වොල්බර්ග්, ටේලර් කිට්ව්, එමිලි රිච්, බෙන් ෆොස්ටර් ඇතුළු පිරිසක් රංගනයෙන් දායක වෙති. අමෙරිකානු බොක්ස් ඔෆිස් චිත්රපට දර්ශකයේ හයවැනි සතියේ පසුවන එය පසුගිය සති අන්තයේදී අමෙරිකානු ඩොලර් මිලියන 7.2 ක ආදායමදක් වාර්තා කළේය ack Ryam: Shadow Recrui චිත්රපටය හයවැනි ස්ථානය හිමිකර ගන්නට සමත්ව ඇත. ත්රාසජනක ක්රියාදාම චිත්රපටයක් වන මෙහි ක්රිස් ජේන්, කේරියා නයිග්ට්ලි, කෙවින් කොස්ටර්, කෙනීත් බ්රැන්ග් ඇතුළු පිරිසක් රංගනයෙන් දායක වෙති. පසුගිය සති අන්තය වනවිට එය අමෙරිකානු ඩොලර් මිලියන 5.4 ක ආදායමක් වාර්තා කළේය. ජේසන් රෙට්මන් අධ්යක්ෂණය කළ Labor Day චිත්රපටය අමෙරිකානු ඩොලර් මිලියන 5.3 ක ආදායමක් වාර්තා කරමින් හත්වැනි ස්ථානයේ සහ ඩේවිඩ් ඕ. රසල් අධ්යක්ෂණය කළ American Hustle අමෙරිකානු ඩොලර් මිලියන 4.3 ක ආදායමක් වාර්තා කරමින් අටවැනි ස්ථානයේ පසුවේ. පසුගිය ඔස්කාර් සම්මාන උලෙළේ සම්මාන ගණනාවකට හිමිකම් කියූ American Hustle අමෙරිකානු බොක්ස් ඔෆීස් දර්ශකය තුළ ගත කරන්නේ අටවැනි සතියයි. අමෙරිකානු බොක්ස් ඔෆිස් දර්ශකය තුළ හයවැනි සතිය ගත කරන The Walf of Wall Street චිත්රපටය උපයාගත් ආදායම අමෙරිකානු ඩොලර් මිලියන 3.6 ක්. මාර්ටින් සොරේසේගේ අධ්යක්ෂණයක් වන මෙහි ලියනාඩෝ ඩිකැපි්රයෝ, ජෝන් හිල්, මාග්රට් රොබී, මැතිව් මැක්කොනෆි ඇතුළු පිරිසක් රංගනයෙන් දායක වෙති. Frankenstein චිත්රපටය අමෙරිකානු බොක්ස් ඔෆිස් චිත්රපට අතර දසවැනි ස්ථානයේ සිටින අතර පසුගිය සති අන්තයේදී අමෙරිකානු ඩොලර් මිලියන 3.5 ක ආදායමක් වාර්තා කළේය.
|