වර්ෂ 2014 ක්වූ ජනවාරි 16 වැනිදා බ්‍රහස්පතින්දා




බ්‍රිට්නිගේ පෙම් කතා

බ්‍රිට්නිගේ පෙම් කතා

බ්‍රිට්නි වැනි සොඳුරියක් බිරියක් නොවී කෙලෙසින් සිටින්නද? නීති පර්යේෂකයකු සමඟ තිස් දෙහැවිරිදි බ්‍රිට්නි පවත්වන සබඳතාව කිසිවකුටත් රහසක් නෙවෙයි. ඇය වම් අතේ වෙදැඟිල්ලේ රන් මුදුවක් පැලඳ තිබීම මේ දිනවල කාගේත් කසු කුසුවට ලක් වූ කරුණක් වී තිබේ. ඇය සෝන් නම් අට හැවිරිදි සහ හත් හැවිරිදි ෂේඩ්න් යන පුතුන් දෙදෙනා සමඟ සොකර් ක්‍රීඩාවේ යෙදෙමින් සිටියදී මාධ්‍යයේ උකුසු ඇස ඇයගේ වෙදඟිල්ල වෙත යොමු වී ඇත.

බ්‍රිට්නි, කෙවින් ෆෙඩර්ලයින් සමඟ මුලින් විවාහ වී සිටි අතර ළමා වියේ පෙම්වතා ජේසන් ඇලෙක්සැන්ඩර් සමඟ පැය පනස් හතකට විවාහ වූහ.