වර්ෂ 2014 ක්වූ ජනවාරි 16 වැනිදා බ්‍රහස්පතින්දා




නිර්මාණ දිවියට හතළිහක්

නිර්මාණ දිවියට හතළිහක්

ජ්‍යෙෂ්ඨ මහාචාර්ය මුදියන්සේ දිසානායක

ජාතික කලා මණ්ඩලයේ සභාපති ලෙස මා එහි කටයුතුත් සමඟ කාර්යබහුල වෙලා. ඒ වගේම මගේ විශ්ව විද්‍යාල ජීවිතයටත්, කලා ජීවිතයටත් ගිය වසරෙහි නොවැම්බර් මසට වසර හතළිහක් පිරුණා.

ඒ නිමිති කර ගනිමින් මේ වසරේදී නිර්මාණ නර්තන උළෙලක් වගේම මා ලියූ පොත් පිළිබඳ ශාස්ත්‍රීය සම්මන්ත්‍රණයක් කිරීමටත් අදහස් කරනවා. මේ වෙනකොට මා ලියූ පොත් හතළිස් එක ඊට සම්බන්ධයි. ඒ නර්තන උළෙල ළඟදීම පැවැත්වෙන නිසාත්, එහි සංවිධාන කටයුතුත් සමඟ කාලය ගත කරන නිසාත් කිසිම නිදහසක් නම් මට නැහැ.