වර්ෂ 2014 ක්වූ ජනවාරි 16 වැනිදා බ්‍රහස්පතින්දා




වෙන් වී එක්වීමට පුවත්පත් සාකච්ඡාවක්

වෙන් වී එක්වීමට පුවත්පත් සාකච්ඡාවක්

ආදරයෙන් රන් රස සේ බැෙඳන ජෝඩුවලට වඩා වෙන් වෙන ජෝඩු ගැන බොලිවුඩයෙන් වැඩිපුර අසන්නට ලැබෙයි. එවැනි ආරංචි පියඹන්නේ තටු ලැබුණාටත් වැඩි වේගයෙනි. එහෙත් එක්වීමක සුබ පුවතට එම ප්‍රතිචාරයම ලැබේවිදෝයි යන සැකය නිසා රන්වීර් ෂෝරේ මාධ්‍ය සාකච්ඡාවක් කැඳවීය. බිරිය සමඟ ඇති වූ දබරයකින් පසු දෙදෙනා කලක් වෙන් වී ජීවත් වූහ. කොන්කොනා සෙන්, රන්වීර්ගේ දයාබර බිරියයි.

කොන්කොනා, රන්වීර් සමඟ විවාහ වූයේ වසර 2010 දීයි. 2007 වසරේ සිට දෙදෙනා එකිනෙකාට ආදරය කළහ. 2011 දී ඔවුහු මාපියෝ වූහ.

‘විවාහය සැම විටම සාමකාමී නැහැ. බිරිය සමඟ ඇතිවන සටන් සියල්ලක්ම වාර්තා නොකළ යුතු නමුත් එසේ සිදු වූවා. ඒක සාධාරණ නැහැ. නමුත් දැන් අපේ යළි එක්වීම ගැන වාර්තා කරන්න.’ ඔහු මාධ්‍ය සාකච්ඡාවකදී පැවසුවේය.

කොන්කොනා සෙන් විශිෂ්ට සිනමා නිළියක වූ අපර්ණා සෙන්ගේ දියණියයි. ඕම්කාරා සන්ග්ලාස්, බ්ලයින්ඩ් නයිට්, ඒක් ති දායන් වැනි බොලිවුඩ් සිනමාපට ගණනකම රග¼පා ඇති ඇය බෙංගාලි සිනමාවෙන් බොලිවුඩයට පෑයූ තාරකාවකි. තිස් හතර හැවිරිදි කොන්කොනා සෙන් ජාතික සම්මානයට පවා නිර්දේශ වී තිබේ. හතළිස් එක් හැවිරිදි රන්වීර්, ෂෝරේ ද ලාක්ෂයා, ජිස්මි, මිතියා වැනි රංගනයන් නිසා ජනප්‍රිය වූ තරුවකි.