|
හැමෝම කැමැති ලාබ ලබන්න
‘සිරීගෙ ඉරණම’ හදන ලක්ෂමන් මත්තුමගල හමුවෙමු
ක්ෂේත්‍රයට ප්‍රවීණ වුවත් ඔහු නිරතුරුවම අපට හමු වන්නේ ඒකාංගික හා ළමා නාට්‍ය සමඟ. ලක්ෂ්මන් මත්තුමගල. ‘සත්සර රංගන’, ‘කෝපිකඩේ’, ‘අන්දර වැට’ වැනි ඒකාංගික නාට්‍ය හරහාත්, ‘සෙල්ලම් ගෙදර’ ළමා නාට්‍යය තුළිනුත් අප හමු වූ සුන්දර හිත ලක්ෂ්මන් හමුවෙමු.
මේක වෙනස් නාට්‍යයක් ? ඔව්. ඒකාකාරී නාට්‍ය රැල්ල දිහා බලන් ඉදලා හෙම්බත් වෙලා හිටිය රසිකයන්ට අලුත් රසයක් දෙන්න තමයි අපට උවමනා වෙලා තිබුණේ. ඒ අනුව හිතලා තමයි මේ නාට්‍යය සංකල්පය හැඳුණේ. මේ නාට්‍යය තුළ කාර්යාල පද්ධතියේ තිබෙන කරුණු ඉතා මනාව රූපයට නඟන්න තමයි අපට උවමනා වෙලා තිබුණේ. මේ නාට්‍යයේ ප්‍රධාන චරිතය කිත්සිරි. කිත්සිරිට දැන් හැමෝගෙම අවධානය යොමුවෙලා තියෙනවා.
ඔබ වැඩිපුරම ප්‍රසිද්ධ ඒකාංගික හා ළමා වැඩසටහන්වලට ? මම කාලයක් තිස්සේම වැඩ කළේ ඒකාංගික හා ළමා නාට්‍ය සමඟ. නමුත් ප්‍රාසාංගික නාට්‍යයක් කිරීමේ උවමනාව නොතිබ්බා නොවෙයි. කෙසේ හෝ කාලයාගේ ඇවෑමෙන් සිරීගේ ඉරණම වැනි ජනප්‍රිය වූ නාට්‍යයක් හරහා ජනතාවට ළං වීමට ලැබීම සතුටක්.
සිරීගේ ඉරණම ඉතාමත් ඉක්මණට ජනගත වෙනවා ? මා හිතන්නේ අපේ රටේ ප්‍රේක්ෂකයා සමීප අත්දැකීම් ඇසුරෙන් නිර්මාණ බිහි වෙනවාට කැමැතියි. සිරීගේ ඉරණම තුළ අපට සමීප පොදු චරිත දකින්නට ලැබෙනවා. ඒ නිසාම ප්‍රේක්ෂකයාට ඒ තුළ ජීවත් වීමේ ඉඩ තිබෙනවා. මේ හේතුව තුළ නාට්‍යය ජනප්‍රිය වීම සාමාන්‍ය දෙයක්. ඒ වගේම සිරීගේ ඉරණම ක්‍රමානුකූලව ගලා යන පිළිවෙළක් ඇති නාට්‍යයක්. ජනප්‍රියත්වයට එයත් බලපෑවා.
දර්ශන තලවල ගෙවුණු කාලය කොහොමද ? අපි කණ්ඩායමක් විදියට ඉතාමත් කාර්යශූරව කටයුතු කළා. කොතරම් ඉක්මනට වැඩ කළත් නිර්මාණයට අවශ්‍ය කාලය ලබා දෙන්නටත් බැඳී හිටියා. කුලියාපිටිය ආසන්නව තමයි රූගත කිරීම් සිදුවුණේ. දවස් එකසිය පහක් අපි ඉතාමත් සමගියෙන්, සන්තෝෂයෙන් කටයුතු කළා. මා එක් දෙයක් කිව යුතුමයි. අපේ කණ්ඩායම මේ කටයුත්ත තමාගේම කටයුත්තක් කරගෙන බැඳුණු නිසා තමයි මෙවැනි සාර්ථක නිර්මාණයක් ජනතාවට තිළිණ කරන්නට ලැබුණේ.
දැන් ඉතාමත් වේගයෙන් ටෙලි නාට්‍ය හැදෙනවා ?
මේ කොටස් සියය හැදුවේ දවස් එකසිය පහකින්. එහෙම නැතුව වියදම පියවා ගන්න අමාරුයි.
ඒ වේගය නිර්මාණයට හානියක් නොවෙයි ද ? නැහැ. නිකරුනේ ගත කරන කාලය ඈත් කලාම ඉතා ඉක්මනින් කටයුතු කරන්න පු¼ථවන්. මා හිතනවා ටෙලි නාට්‍ය්‍යය නිර්මාණයට නොවෙයි ඕනෑම කටයුත්තකට ඒක පොදු කාරණයක්. වේගයෙන් කටයුතු කිරීම් තුළ නිර්මාණයට අසාධාරණයක් වෙන්න මම ඉඩ තිව්වේ නැහැ.
මොනව ද රසබර තැන් ? ඇත්තටම අපි ඉතාමත් කැපවීමෙන් නිර්මාණය සඳහා වෙහෙසුණා. නිදහසේ ඉන්න වෙලාවට රසබර කතන්දර කිව්වා. විනෝද වුණා. ගෙවුණු හැම මොහොතම රස බරයි. නමුත් විශේෂ සිද්ධි කියලා කියන්න දෙයක් නැහැ. මොකද කුලියාපිටියේ අපි නැවතිලා හිටියේ නැහැ. හැමදාම න¼ථ නිළියෝ කොළඹට ආවා ගියා.
දැන් ලංකාවේ ඒකාංගික නාට්‍ය හැදෙන්නෙ ඉතාමත් අඩුවෙන් ?
ඔබ ස්වාධීන රූපවාහිනි සේවයේ ළමා වැඩසටහන් අංශයේ අධ්‍යක්ෂවරයෙක් ? දරුවන් සමඟ කටයුතු කිරීම හිතට ලොකු ප්‍රීතියක්. ඒ වගේම අනාගතය බාර ගන්නට ඉන්න පිරිසට යමක් කිරීම අපේ වගකීමක්. ළමා වැඩසටහන් අංශයේ කටයුතු කිරීම මට ගෙන දෙන්නේ තෘප්තියක්.
ඉදිරිය කොහොම ද? ලොකු සැලසුම් නැහැ. ළමා නාට්‍යයක් සඳහාත් සාකච්චාවක් සිදු වෙමින් පවතිනවා. තවත් ටෙලි නාට්‍යටක් සඳහාත් ආරධනා ලැබිලා තියෙනවා. කෙසේ වෙතත් සමාජයට ඵලදායී නිර්මාණයක් කිරීම තමයි මගේ අරමුණ. නිර්මාණකරුවෙක් විදියට මා ඒ සඳහා බැඳී ඉන්නවා.
|