වර්ෂ 2014 ක්වූ ජනවාරි 16 වැනිදා බ්‍රහස්පතින්දා




සමදරාගේ අලුත් පැතුම්

සමදරාගේ අලුත් පැතුම්

සමදරා ආරියවංශ කලා ලොවේ ඔබට හිතවත් රංගන ශිල්පිනියක්. මේ දවස්වල ‘ස්වර්ණපාලි’ ටෙලි නාට්‍යයේ ලෙන්දොර මැණිකේ ලෙසත් ‘පබසරා’ හි මැගිලින් ලෙසත් ‘මකුළු දැල්’ හි සුරාජ්ගේ අම්මාගේ චරිතයෙනුත් ඔබ හමුවට එන ඇය නෝනාවරුනි මහත්වරුනි ටෙලි නාට්‍යයේ කරුණා අක්කා ලෙස කළ චරිතය හැමෝගෙම හිත තුළ නොමැකෙන චරිතයක්.

සමදරා දැන් රංගන ශිල්පිනියක් විදියට විතරක් නෙවෙයි. ගායනයටත් යොමු වෙලා කියලා අපට ආරංචියි. ඒ වගේම පසුගියදා ඇය රුක්මණී දේවිය සැමරුම් උළෙලකදී යුග ගීතයකුත් ගායනා කළා. එදා ඇය ‘අන්න සුදෝ අර පාට වළා’ ගීතය ගායනා කළේ කොණ්ඩා මොස්තර නිර්මාණ ශිල්පී සෑම් පෙරේරා සමඟින්. සමදරා ඉදිරියේදී රංගනයට වගේම ගායනය පිළිබඳත් අවධානය යොමු කරන්න සූදානම් වන බව තමයි පේන්නේ. ඒ වගේම අලුත් සිංදුවක් කරන්න බලාපොරොත්තුවෙන් ඉන්නේ කියලත් ආරංචියි.