වර්ෂ 2014 ක්වූ ජනවාරි 16 වැනිදා බ්‍රහස්පතින්දා




නීති ඇඳුම් හයර් කරනු ලැබේ

නීති ඇඳුම් හයර් කරනු ලැබේ

ටෙලි නාට්‍යයක ෂූටිං පසුගිය දවසක පිළියන්දල ප්‍රදේශයේ යොදාගෙන තිබුණා. ජනක් ප්‍රේමලාල් ඇතුළු පිරිසක් රංගනයෙන් දායකවන මෙහි ජනක් නිරූපණය කළේ නීතිඥවරයකු ගේ චරිතයක්. ඔහුගේ කාර්යාලය ලෙස යොදාගෙන තිබුණේ ඔබ කවුරුත් දන්නා හඳුනන ටවර් හෝල් රඟහල පදනමේ අධ්‍යක්‍ෂ ජනරාල් නීතිඥ ඩග්ලස් සිරිවර්ධනගේ පිළියන්දල පිහිටි කාර්යාලයයි.

දැන් ඔන්න උදේම ෂූටිං පටන් ගත්තා කියමුකෝ. හැබැයි ජනක්ගෙ නීතිඥවරුන් අඳින ලෝගුව ගෙන්න අමතක වෙලා. ඒත් ප්‍රශ්නයක් වුනේ නැහැ. නීතිඥ ඩග්ලස් සිරිවර්ධනගේ ලෝගුව ජනක් ඉල්ලා ගත්තා. ඔන්න ඒ පාර ටයි එකකුත් නැහැලු. ඩග්ලස් සිරිවර්ධන පැලඳ සිටි ටයි එකත් ගලවලා ජනක්ට දුන්නා. දැන් සෙරම හරි. ඒ පාරනම් හරියටම ෂූටිං පටන් ගත්තා.

ඒත් ඉතිං මෙතන අද ෂූටිං එකක් තියෙනවා කියලා ඩග්ලස් සිරිවර්ධනගේ සේවා දායකයන් දන්නේ නැහැනේ. මේ වෙලාවෙත් කිහිප දෙනෙක්ම මෙතනට ඇවිත්. ආපසු යවන්නත් බැහැනේ. ඔවුන්ට අවශ්‍ය ලියකියවිලි සකස් කරන්න ඩග්ලස් සිරිවර්ධන තීරණය කළා. තම කාර්යාලය ඉදිරිපිට තිබූ කාර් එකේ බොනට් එක උඩ තියාගෙන තමයි ඔහු එදා කාර්යාල කටයුතු සිදුකළේ. සේවාදායකයන්ටත් පුදුමයි. ඒත් මොනවා කරන්නද. කාර් එක උඩ තියාගෙන වැඩකටයුතු කරන ගමන් ඔහුට මේකට හේතුවත් පහදන්න වුණා. ඒ වගේම තවත් දවසක කොළඹ උසාවියේදිත් ඔහුට මේ විදියටම වැඩ කරන්න සිදුවෙලා තියෙනවා සමහරු දැකලා තියෙනවා.