වෙනසක් නැති ආදරයක්
වෙනසක් නැති
ආදරයක්
රංගන ශිල්පිනී
මාලි ජයවීර
ජයලත් මනෝරත්නගේ ‘ලෝකය තනියායක්’ වේදිකා නාට්‍යය නැවතත් වේදිකාවට අරගෙන එන නිසා මේ
දවස්වල පුහුණුවීම් කරනවා. ඒ පුහුණුවීම් කටයුතුත් සමඟ මගේ දවස ගත වෙනවා. ඒ වගේම මේ
මාසයේ 08 වැනිදා ප්‍රවීණ රංගන ශිල්පියෙක් විදියට අප අතර සිටිය එච්. ඒ. පෙරේරාගේ
අනුස්මරණය වෙනුවෙන් නොමිලේ ඇස් කණ්ණාඩි බෙදා දීමේ උත්සවයක් පැවැත්වෙනවා. ඒ උත්සවයේ
සංවිධාන කටයුතුවලට සහභාගි වෙන්නේ වේදිකා නාට්‍යයේ පුහුණුවීම් අතරතුරයි.
මේ සියලු
කටයුතු අතර මගේ උපන් දිනයත් ළඟා වෙනවා. ඒ උපන් දිනය මට වඩාත් වැදගත් වෙන්නේ එදාට
මගේ සහෝදර සහෝදරියන්ගේ වගේම, ඔවුන්ගේ ළමයින්ගේ එකමුතුව සිදුවෙන නිසා. ඔවුන්ගේ
ළමයින් වන මිල්කි, ශයිනි, මල්, හිරු, තරු, සඳ කියන හයදෙනා කාලයක ඉඳන් මා වෙනුවෙන්
නිර්මාණය කළ උපන් දින පත් දෙන්න බලාගෙන ඉන්නෙත් එදාටයි. ඒක මගේ ජීවිිතේ පුදුම
විදියට සතුට ගෙනෙන දවසක් වෙන්නේ ඔවුන්ගේ ආදරය මට කිසිම දවසක වෙනසක් නැතුව ලැබෙන
නිසයි.
|