වර්ෂ 2014 ක්වූ ජනවාරි 16 වැනිදා බ්‍රහස්පතින්දා




කෝපි කඩෙන් බන්ඩාර දෙයියන්ට කවිත්‍රා

කෝපි කඩෙන් බන්ඩාර දෙයියන්ට කවිත්‍රා

කවිත්‍රා නයෝදනී රංගන ක්ෂේත්‍රයට පිවිසෙන්නේ ආසියාවේ දීර්ඝතම ටෙලි නාට්‍යය වන ‘කෝපි කඩේ’ ටෙලි නාට්‍යයෙන්. ඊට පසු ‘මංගල ඇවනියු’, ‘මිරිඟු දිය’, ‘දරුවනේ’, ‘සැලමුතු වෙරළ’, ‘විෂ්ණු ක්‍රාන්ති’ ඇතුළු ටෙලි නාට්‍ය කිහිපයකින්. පුංචි තිරයේ සිය දස්කම් දැක් වූ ඇය මේ දිනවල ඔබ හමුවට එන්නේ බණ්ඩාර දෙයියෝ ටෙලි නාට්‍යයෙන්.

රංගනයට මෙන්ම නර්තනයට ද දස්කම් දක්වන කවිත්‍රා නර්තන කණ්ඩායමක ද සාමාජිකාවක්. ඉදිරියේදී තමන්ගේම නර්තන කණ්ඩායමක් සමඟින් කළ එළි බැසීම ඇයගේ බලාපොරාත්තුවයි. ගල්කුලිය ලිහිණිගිරි කණිටු විදුහල හා ආඬිගම නවෝද්‍යා මහා විදුහලෙන් අධ්‍යාපනය ලද කවිත්‍රා පාසලේදී නාට්‍ය හා රංග කලාව හදාරන අතරතුරදී කථික තරග හා නිවේදන අංශයෙන් ද සිය දස්කම් දක්වා ඇත.

කුඩා කාලයේ පටන්ම කලාවට ලැදි කවිත්‍රා නර්තනයෙන් වගේම රංගනයෙන් ද ඉදිරියට යන්න බලාපොරොත්තු වේ. ඒ වෙනුවෙන් සිය හැකියාවන් ඔප් නංවා ගනිමින් සිටින ඇයගේ රංගනයන් උපාධ්‍යා, සකිසඳ එළියස්, ගිනි කුසුම වැනි ටෙලි සිත්තම් තුළින් දැකගත හැකිවනු ඇත.