|
මෙතැන ඇත්තේ ඔබේ අදහස් එකතුවකි. කලා ලොව පිළිබඳ වෙනස් අදහස් ක්ෂණිකව 0752805047 අංකයට කෙටි පණිවුඩ අයුරින් එවිය හැකිය. එමෙන්ම ප්‍රතිචාර, සරසවිය, ලේක්හවුස්, කොළඹ 10 යන ලිපිනය තැපැල් හෝ සටහන් පත් වෙනුවෙනි.
ජෝතිගේ ගී කියන්න ගිරිය පුප්පන අයට
අසහාය ගායක එච්. ආර්. ජෝතිපාලයන් ගැයූ ගීත ගිරිය පුප්පා දැඩි වෙහෙසකින් ගයා මුදල්
අසීමිත ලෙස උපයා ගන්නා ගායකයින්ට මම මෙසේ කියමි. ඒ උපයා ගන්නා මුදලින් කොටසක් යොදවා
ජෝතිට පිං පැමිණ වීම සඳහා පිංකමක්වත් කරන්න. සුනිල් චන්ද්‍රසේකර කොටුගොඩ
සහන්ගේ වෙනත් මඟට ස්තුතියිකවදත් වෙනස් ආරක ටෙලි නාට්‍යයක් ගෙන එන නිෂ්පාදක සහන් විජේසිංහට,
ඔබ නිෂ්පාදනය කළ වීදි පහන් ටෙලි සිතුවම බොළඳ ප්‍රේම කතාවලින් තොර වෙනත් කතා සාරයක්
යටතේ නිර්මාණය කළාට බොහොම පිං. එමඟින් අපට යථාර්ථය මෙනෙහි කර දේ. එහි ආනන්ද
වික්‍රමගේ බාල පුතු සංකේත් වික්‍රමගේ දක්ෂ ලෙස රඟපානු පෙනේ. ක්ලෝඩ් ද ලිවේරා නාලිනී ද ලිවේරා මීගමුව
වත්සලා කතා කරන විට සැලකිලිමත් වන්න
ස්වාධීන රූපවාහිනී තිරය මත සෙනසුරාදා රාත්‍රී 9 ට දිග හැරෙන අයි. ටී. එන්. සුපිරි
හපනා නම් විචිත්‍රවත් ළමා තරගාවලිය අන් සුපිරි වැඩ සටහන් අතරින් වෙන් කරන කළ ළමා
මනසට සරිලන අයුරින් ගෙන එන හරවත් වැඩ සටහනක් කියා නොකියාම බැරිය. එහෙත් එය අප වෙත
ගෙන එන වත්සලා දියලගොඩ රංගනය තුළින් ඉතා හොඳින් දස්කම් පෑවත් මා දකින විදිහට
නිවේදිකාවක ලෙසින් නම් දක්ෂතාවයක් පෙන්නුම් නොකරයි. ඇගේ කතා විලාසය පුරාවටම ඇත්තේ
සුපිරි හපනෙකුට වඩා ආධුනිත බවකි. මෙලෙස කීවාට මා හා අමනාප නොවන්න. රූපවාහිනි
මාධ්‍යයක් තුළින් මුළු රටම බලා සිටියයදී කතා කරන විට මෙයට වඩා සැලකිලිමත් විය යතුය.
මේ ගැන සිතා බලා ඔබගේ රංගනයට පමණක් මුල් තැන දෙන්න යැයි මම කියමි. ඩබ්ලිව්. ලෙනාඩ් ප්‍රනාන්දු බටහිර අධිකාරිමුල්ල දූනගහ
පරාවර්ථන සුන්දර නිර්මාණාත්මක වෑයමක්
බෞද්ධ දර්ශනයේ ඉගැන්වෙන දිට්ඨ ධම්ම වේදනීය කර්මයට අනුරූප වන කතා තේමාවක් රැගත්
පරාවර්ථන සිනමා කෘතිය ඉතා සුන්දර නිර්මාණාත්මක වෑයමක් ලෙස මම දකිමි. පසුබිම් සංගීතය
ශබ්ද සංකලනය සහ තිර රචනය පිටපත පුරා දිවෙන කුතුහලය රස වින්දනයට මහත් රුකුලක් සපයන
අතර සොමී, නලීන් ප්‍රදීප්, පුබුදු, දුලානි, ගීතා, බිමල් යන රංගවේදීන් තම භූමිකාවන්
තුළ ජීවමාන කරවමින් විශිෂ්ට සිනමා නිර්මාණයක පංගුකරුවන් බවට පත් කළ ජයනාත්
ගුණවර්ධනට මාගේ හද පිරි ප්‍රණාමය පුදමි. වසන්ත කේ. ප්‍රනාන්දු කැලණිය
ධම්මික ඔබට තුති මල් මිටක්
ඉරිදා සවස අසන්නන්ගේ ඉල්ලීම් හින්දි ගී රසාංග තුළින් ශ්‍රී ලංකා ගුවන් විදුලි
සංස්ථාවේ වෙළඳ සේවයෙන් රසික අප හදවත් පිනවන හද බැඳී නිවේදක ධම්මික පී. රත්නායකට මගේ
තුති මල් මිටක් මෙසේ පිරිනමමි. කිත්සිරි ගුණසේන කන්දෙගෙදර
හෙන්රි – අයිරින් ඔබ දෙපලගේ උත්සාහය අගනේය
නොයෙකුත් අඟහිඟකම් මැද වුව ද හෙන්රි ප්‍රියශාන්ත මෙන්ඩිස් සහ ගායන ශිල්පිනී අයිරින්
ලියනගේ විසින් පවත්වනු ලබන රුක්මණී දේවි උපහාර උළෙල පැවැත්විය යුතුව තිබුණේ රාජ්‍ය
අනුග්‍රහයෙන් බව මම කියමි. කෙසේ වෙතත් වසර 25 ක් තිස්සේ නොකඩවා ඔවුන් දෙපොළ කරන මෙම
උදාර උපහාර උළෙලට මම අවංකවම අගය කරමි. කමලා සෙනෙවිරත්න හෝකන්දර
ජීවන් නිවේදනයටත් අපූරුයි
පසුගියදා නිමාව දුටු රිදී රැයක් ප්රසංගයේදී නිවේදන කටයුතුª කිරීමට තමාටත් හැකි බව
ජීවන් කුමාරණතුංගයන් ප්‍රකට කළේය. ඉතාම දක්ෂ අන්දමින් සැම දෙනාගේම රුචිකත්වය තේරුම
ගෙන ඔහු සභාව ඇමතීම ප්‍රශංසනීයය. මිල්ටන් ප්‍රනාන්දු උතුරු මූදුකටුව
මර්සි - සුනිල් සුවවේවා
දැනට රෝගාතුරව සිටින අති දක්ෂ විකට රංගන ශිල්පිනී මර්සි එදිරිසිංහ සහ මෙරට සිනමාවේ
වැඩිම චිත්‍රපට ගණනක් අධ්‍යක්ෂණය කළ සුනිල් සෝම පීරිස් යන දෙපොලට ඉක්මන් සුවය ලැබී
කලා ලොව යළි ආලෝකමත් කිරීමට හැකි වේවා. එමෙන්ම ඔවුන්ගේ නිර්මාණයක් දැක බලා අප
ලැබුවේ අපමණ සතුටකි. කලා ලොවේ වෙදැදුරන් බඳු මර්සි සහ සුනිල් අප හදවත් එම
නිර්මාණයන් මඟින් සැනසූහ. කේ. ඒ. ඩී. නාමල් අකුරැස්ස
මර්සිට ඉක්මන් සුවය පතමුමේ වන විට රෝගාතුරව පසුවන මර්සි එදිරිසිංහට සුව පතා අප රසිකයින් දෙපොළක් සෙත් පතා තිබූ අයුරුයි මේ.
වේදිකාව, සිනමාව, ටෙලි නාට්‍යය, ගුවන් විදුලිය යන සතර ආකාරයෙන්ම අප පින වූ සතරම ජය
ගත් මර්සි එදිරිසිංහ මේ දිනවල වරකපොළ මූලික රෝහලේ බලවත් සේ රෝගාතුරව ප්‍රතිකාර
ලබයි. ඇයට නිරෝගී සුවය අත්වේවා යැයි රසික අපේ පරම පැතුමයි. රෝෂිනී ගෝමස් මොරටුව ************************************************ විකට රංගනයෙන් රටක් වසඟ කළ මර්සිගේ රෝගී තත්ත්වය ගැන අවධානය යොමුකොට වෛද්‍ය ප්‍රතිකාර සඳහා ආධාර පිණිස රූපවාහිනියේ හඬ නළු සහ උප සිරැසි ශිල්පීන් එකමුතුවෙන් ප්‍රසංගයක් පැවැත්වෙනවා. ඒ සඳහා හැකි අය උදව් කරන්න. දයාරත්න ගනේගොඩ කැලණිය
S.M.S
මෙම වසරේ එනම් 2014 දී පැවැත්වූ රූපවාහිනී රාජ්‍ය සම්මාන උළෙලේ ප්‍රතිඵල ගැන සෑහීමකට පත්විය හැකිය. සුදුස්සාට සුදුසුතැන දී අපක්ෂපාතී විනිශ්චයන්ගෙන් යුතුව එහිදී සමබරව සම්මාන පිරිනැමිණ. එය අනෙකුත් සම්මාන උළෙලයන්ද ආදර්ශයට ගත යුතුය. මහේෂ් උඩුවන.
ෆේරඩී සිල්වා, දොන් සිරිසේන, බී. එස්. පෙරේරා වැනි විකට ශිල්පීන්ගේ චිත්‍රපට මා බැලුවේ හරිම ආසාවෙන්. මා ඔවුන්ගේ විහිළුවලට සිනහ වූයේ කිති කවාගෙන නම් නෙවෙයි. ලක්මාලි වරකාපොළ.
දුප්පතාගේ හිතවතා සිනමාපටයේ රැ¼ගූ බැප්ටිස් ප්‍රනාන්දු අද ජීවිතයේ සැඳෑ සමය ගෙවනවා. එදා සිටි බොහෝ දෙනෙක් අද ඔහු සමඟ නැති වුණත් රසිකයන් වන අප නිබඳවම ඔබත් එක්ක ඉන්නවා කියලා කියන්න පුළුවන්. බැප්ටිස් මාධ්‍යයට එන්නේ නැහැ කියලා එක්තරා පුවත්පතක තිබෙනු මා දුටුවා. එහෙම කරන්න එපා. අපට ඔබේ වර්තමාන තොරතුරු දැනගැනීමට අවශ්‍යයි. සමන් ගාල්ලගේ කැටපල
නීටා ප්‍රනාන්දු එදා වගේම අදත් ලස්සනට ඉන්න අන්දම මට ගැටලුවකි. මා හිතනවා ඇගේ හිත ලස්සන හින්දා එහෙම වෙන්න ඇති කියලා. වෙනුර මාතර.
තුෂාරි වේහැල්ලට, ඔබ රන්තරු නාට්‍යයේ රංගනයේ යෙදෙනු මම දුටිමි. ඇත්තම කිව්වොත් තුෂාරි කාලයකට පසු මම දුටු ලස්සනම නිළියක්. ඒ වගේම ඇය දෙබස් කියන අන්දම හරිම තාත්විකයි. විරාජ් දුෂ්මන්ත ආරච්චිකට්ටුව
උදාරි අක්කේ, ඔයා හැමදාමත් අපේ සංසලා. බොඳ මීදුම් එකේ කළ ඒ චරිතයෙන් තමයි අපි ඔබව හැමදාමත් හඳුන්වන්නේ. මොන චරිත කළත් ඔයා සංසලා ලෙසින් සදාකාලිකම ජීවත්වේවි. හර්ෂ මාකඳුර
හිරු නාලිකාවේ විකාශය වන සඳසාවී ටෙලි සිතුවම මෙගා එකක් වුණත් ඒක හරවත් බවින් අනූනයි. එය බොළඳ මෙගා ටෙලි නාට්‍ය කරන ටෙලි නාට්‍යකරුවන් නැරැඹිය යුතුම ටෙලි සිතුවමකි. මන්ද යත් සඳසාවී හරහා ඔවුනට නියම මෙගා නාට්‍යයක් කරන අන්දම දැනගත හැකි බැවිනි. රණසිංහ, අතුල, අමිල, යසෝ, කුමාරි උඩුදුම්බර
පොල් රුප්පාවේ, සුදු මල් පොකුරක්, ඔබේ සුමුදු අතින්, ඔබ ඇසි පියලන හැම වාරේ වැනි ගීත නිර්මාණය කළ විශාරද නිහාල් ගම්හේවා වැඩිය පෙනෙන්ට නැති වුණ ද ඉතාමත් දක්ෂ සංගීතඥයකි. එමෙන්ම ඔහු සංගීත නිර්මාණය කරනු ලැබූ ගීත බොහොමයක පද රචකයා ද ඔහුය. ජාතික තරුණ සේවා සභාවේ ගුරුවරයකු ලෙස සේවය කරන ඔහු සංගීත ක්ෂේත්රයට ගෝලයන් රැසක් බිහි කළ තැනැත්තෙකි. නලීන් ප්‍රසාද් ගනේමුල්ල
ස්වර්ණවාහිනියේ විකාශය වන වීදි පහන් ටෙලි සිතුවමත් ලස්සනයි. එහි තේමා ගීතයත් ඉතාමත් ලස්සනයි. සංයමයකින් යුතුව විඳින්න පුළුවන් ගීතයක් ඒක. රවී රසන්ත මීටියාගොඩ
සිරීගේ ඉරණම ටෙලි සිතුවමේ දිලිනි ලක්මාලි මරු චරිතයක් කරනවා. ඇය මා දකින අන්දමට දක්ෂ චරිතාංග නිළියක්. ඒ වගේම ඇයට හොඳ අනාගතයක් තියෙනවා කියලත් මට පෙනෙන්නට තියෙන කරුණක්. එන්. කුමාරිහාමි වැලිමඩ |