|
මට සිද්ධ සූනියම් දෙවියන්ගේ වරමක් ලැබුණා
නිලූෂි හල්පිට
නිලූෂි හල්පිට යන නමත් සමඟ ඔබට චිත්‍රපට කිහිපයක් මතක් වේ. ඒ පතිනියගේ හෝරාව සහ විශ්ම රාත්‍රියයි. වැඩිහිටියන්ට පමණක් සීමා වූ ඒවා හි නිලුෂි මැවූ භූමිකා එකල කතාබහට ලක් වූයේ ආන්දෝලනාත්මකව. අනතුරුව චිත්‍රපට සහ ටෙලි නාට්‍ය ඔස්සේ සිය රංගන ගමන් මගෙහි ඉදිරියට ගිය ඇය වර්තමානය වන විට සැබෑ ජීවිතයේ වෙනස්ම චරිතයකට පණ පොවමින් සිටියි. ඊට අමතරව නිලූෂිගේ නවතම ගී නිර්මාණය පසුගියදා මාධ්‍යයට නිකුත් කෙරිණ.
* ගීතයට ප්‍රතිචාර කොහොමද නිලූෂි? ඒකෙ නම සෙනෙහෙ කතාවන් මුමුණන්න බැහැ. මේ වන විට බොහෝ දෙනෙක් ඒක අහලා තියෙනවා. චේන්ජ් එකටත් එක්කයි ගීතය කළේ.
* ඇයි වැඩිය දැන් නිර්මාණවල පේන්න නැත්තේ? ටිකක් නිහඬ වුණා. ඒකට ප්‍රධානම හේතුව ඔබ කිව්වා වගේ මගේ සැබෑ ජීවිතයේ වෙනත් චරිතයක් නිරූපණය කිරීම.
* තවත් පැහැදිලිව කිව්වොත්? මට විෂ්ණු දෙවියන් ප්රමුඛ ගම්භාර සිද්ධ සූනියම් දෙවියන්ගෙන් වරමක් ලැබුණා. මං ඒක භාවිත කරමින් දැන් ජනතාවට සේවය කරනවා.
* කොහොමද ඔබට දේව වරමක් ලැබුණා කියලා හරියටම කියන්නේ? මං දෙයක් ඉල්ලලා දෙවියන්ට යැදුවා. ඒත් ඒ ඉල්ලපු එක ලැබුණේ නැහැ. මට ඒකට හරියන්න මේ වරම ලැබුණා. මං ඔයාට මට දේව වරමක් ලැබුණා කියලා ඔප්පු කරලා පෙන්වන්න මොනවද කරලා ඕනෑ.
* නිලූෂි, දේව වරමින් මොනවද ඔබට කරන්න පුළුවන්? අනාවැකි කියනවා. හැරගිය අය ගෙනල්ලා දෙනවා. සෙත් ශාන්ති කරනවා. මේ වගේ මහජනයාට සෙතක් වෙන ගොඩක් දේවල් මං කරනවා.
* හොඳ විතරක් ද කරන්නේ? දේව වරම භාවිතයෙන් නරක වැඩ කරන්නෙම නැද්ද? අපොයි කරනවා. අවශ්‍ය වෙලාවට හොඳ වගේම නරකත් කරනවා.
* මොනවද අප්පේ ඒ? මං එක උදාහරණයක් එක්කම කියන්නම්කෝ. ඔන්න එක් කෙනෙක් ආවා එයාට අයිති ඉඩමක කෙනෙක් අනවසරයෙන් පදිංචිවෙලා කියලා. ඉතින් මං ඔහුව ඉඩමෙන් එලවලා අයිතිකාරයාට ඉඩම ලබා දුන්නා. ඔන්න ඔය වගේ වැඩ තමයි කරන නරක කාර්යයන්. ඒක කරන්නෙත් කෙනෙකුගේ හොඳටනේ.
* දැන් කොහොමත් ඔබට රඟපාන්න බැරිව යයි? ඒ මොකද?
* ඔබව රංගන ශිල්පිනියක් විදිහට දැක්කට පස්සේ සාත්තරයක්වත් අහන්න කවුරුවත් එන එකක් නැහැ? එහෙම වෙන එකක් නැහැ. කලා කටයුතුවලදී මං වෙනම චරිතයක්. ඒත් දේව කාරියේදී මං මැණිකේ. ඒ විදිහට තමයි හැඳ පැළඳගෙන වුණත් ඉන්නේ.
* ඒ වුණත් ඔබගේ පෙර නිර්මාණ නරඹපු අය නම් ඔබ ගාවට එන එකක් නැහැ? මගෙන් වැඩ ගන්න එන අයට මගේ නිර්මාණ වැදගත් නැහැ. අනික වැඩිහිටියන්ට පමණයි චිත්‍රපට දෙකකයි මං රඟපෑවේ.
* ඉතින් ඒ දෙකෙන් ඔබේ චරිතයට හොඳක් වුණේ නැහැ නේද? අහන්නකෝ අනූ නවය අවුරුද්දේ මං ෆීල්ඩ් එකට එනකොට තිබුණේ ඔවැනි චිත්‍රපට රැල්ලක්. මාත් රංගනයට තිබුණු කැමැත්ත නිසා නොයා ඉන්නත් බැහැ, සම්භාව්‍ය නිර්මාණත් අඩුයි. ඉතින් නිළියක් විදිහට ඉදිරියට යන්න මට එවැනි නිර්මාණවලට සම්බන්ධ වෙන්න සිද්ධ වුණා.
* ඔබ ඔහොම කිව්වට පසුකාලීනව හොඳ චිත්‍රපට හැදුනනේ? හැදුනා.
* ඒත් ඔබ නම් ඒවායේ හිටියේ නැහැ? මං අයුතු දේවල් කරන්නේ නැහැනේ චරිත වෙනුවෙන්. ඒක හින්දා මාව ගොඩක් කොන් වුණා. යෝජනා දාපු අයගේ කුහකකම් මත මාව කැපුණා.
* වර්තමානයේ? වර්තමානයේ වුණත් එහෙමයි. නමුත් මගේ දේව කාරියට මං දැන් මුල් තැන දීලා ඉවරයි.
* එතකොට නිළියක් විදිහට අභියෝගාත්මක චරිතයක් ලැබුණොත්? නිළියක් කියන්නේ නිළියක්. ඒ නිසා ඕනෑම චරිතයක් කරන්න දැන් වුණත් මං සූදානම්.
* ඔබ නිෂ්පාදනය කළ යළි පිපුණෙමි සිනමා නිර්මාණය කෝ? ඒක ළඟදීම පෙන්වනවා. ඒ චිත්‍රපටයට මං ගීතයක් ගැයුවා.
* දැන් කොටට අඳින්නේ නැහැ වගෙයි? ඔව්. කොටට අඳින්න බැහැ දැන්.
* එහෙනනම් ඔබ නිළියක් විදිහට ඕනෑම චරිතයක් රඟපාන්නේ කොහොමද? මගේ සීමාවේ ඉඳගෙන ඕනෑම චරිතයක් කරනවා කියලයි මං කිව්වේ.
* ඔබේ දේව වරම භාවිත කරමින් එකක් කරන්න පුළුවන්ද? කියන්න.
* හොඳ චිත්‍රපට ටිකක් නිර්මාණය වේවා කියලා ප්‍රාර්ථනා කරන්න . . . අනිවාර්යයෙන්ම. ඒක තමයි හැමදාම මං ප්‍රාර්ථනා කරන්නේ. ඒ විතරක් නෙවෙයි, කලා ලොවේ කුහකයො අඩු වේවා කියලත් මං ප්‍රාර්ථනා කරනවා
|