වර්ෂ 2014 ක්වූ ජනවාරි 16 වැනිදා බ්‍රහස්පතින්දා




සරසවිය: ෂාරුක්-සල්මන් ගැන අලුත් කතා: Sarasaviya e edition - Lake House - Sri Lanka

ෂාරුක්-සල්මන් ගැන අලුත් කතා

සල්මන් ඛාන්, අයිශ්වර්යා ප්‍රේමය ඉතිහාසයේ මිහිදන් වී ඇති නමුත් එහි මතකයන් නිරතුරු රබර් බෝලයක් මෙන් මතුවීම නම් වළකාලිය නොහැක්කකි. පසුගියදා පැවැති ස්ටාර් ගිල්ඩ් සම්මාන උළෙලේ ඉදිරිපත් කරන්නා වූයේ සල්මන් ඛාන්ය. එහිදී ‘කොෆී විත් කරන්’ වැඩසටහනේදී මෙන් කවට ප්‍රශ්නයක් ඇසීමට සල්මන්ට සිතී ඇත. ඔහු වේදිකාවට කැඳවා ඇත්තේ අන් කිසිවකු නොව කරන් ජොහාර්මය.

කාන්තාවක් වීමට ලැබුණොත් ඔබ කවුරුන් වෙනවාදැයි ඔහු කරන්ගෙන් විමසා තිබේ. එහිදී මොහොතක්වත් පමා නොකර ඔහු ‘අයිශ්වර්යා රායි’ කියා පවසා තිබේ. මෙහිදී සල්මන් නිරුත්තර වී ඇති අතර නරඹන්නන් ඉල ඇට අල්ලාගෙන සිනාසී ඇත.

සම්මාන උළෙල කුල්මත් වූයේ සල්මන්ට ලැබුණු අපූරු පිළිතුර නිසා පමණක් නොවෙයි. ඉෆාර් සාදායට පසු දෙවැනි වරට ද සල්මන්, ෂාරුක්ට ප්‍රසිද්ධියේ හාදු දීම ද ඊට හේතු විය.

මෙවැනි රසවත් දේ සිදු වුණ ද සල්මන්ගේ ‘ජායි හෝ’ සිනමාපටය බොක්ස් ඔෆිස් වාර්තා පිහිටුවීමට සමත් නොවීම නිසා ඔහු පසු වන්නේ සිත් වේදනාවෙනි. ඛාන්, ඛාන් සංග්‍රාමයේ පරජිතයා වී සිටින්නේ ඔහුය. එහෙත් පළුදු වූ මිත්‍රත්වය අලුත් කිරීමට ජයග්‍රාහී ෂාරුක්, පරාජිත සල්මන්ගේ සිනමාපටය නරඹා තිබේ.