වර්ෂ 2014 ක්වූ ජනවාරි 16 වැනිදා බ්‍රහස්පතින්දා




සම්මාන ළඟ සමුගත් හොෆ්මාන්

සම්මාන ළඟ සමුගත් හොෆ්මාන්

තවත් ඔස්කාර් සම්මාන කිහිපයක් ගැනීමට තරම් ආයු කාලයක් ඉතිරිව තිබියදී පිලිප් සීමර් හොෆ්මන් ජීවිතයෙන් සමු ගත්තේය. පසුගිය ඉරිදා නිව්යෝක් තට්ටු නිවාසයේදී ඔහුගේ සිරුර හමු වී තිබේ.

පිලිප් සීමර් මිය යන විට හතළිස් හත් හැවිරිදි වියේ පසු විය.

අමෙරිකානු ජාතිකයකු වූ ඔහු නළුවකුª සහ අධ්‍යක්ෂවරයකු ලෙස ද ක්ෂේත්‍රයේ ප්‍රකට විය. 2005 වසරේදී ඔහු හොඳම නළුවා ලෙසින් ඔස්කාර් සම්මාන දිනා ගත්තේ ‘කැපොට්’ රංගනයටයි. තෙවරක් හොඳම සහාය නළුවා ලෙස ඇකඩමි සම්මානයට නිර්දේශ විය. 1991 වසරේදී රංගන ජීවිතය ඇරැඹූ පිලිප් ද මාස්ටර්’, ‘සෙන්ට් ඔෆ් අ වුමන්, ද ටැලෙන්ටඩ්, මිස්ටර් රිප්ලේ, ඕල්මෝස්ට් ෆෝමස්, ටුවෙන්ටි ෆිෆ්ත් අවර්, පන්ච් – ඩ්‍රන්ක් ලව්, කේල්ඩ් මවුන්ටන්, ද හන්ගර් ගේම්ස් : කැචිං ෆයර් වැනි සිනමා රංගන නිසා අන්තර් ජාතික වශයෙන් මහත් කීර්තියක් දිනාගෙන සිටියේය. මිය යන විට ඔහු ද හන්ගර් ගේම්ස් මොකිගේජේ - දෙවැනි කොටසේ රූගත කිරීම්වලට සහභාගි වෙමින් සිටියේය.

රංගනයට දක්ෂ වූවත් ජීවත්වීමට පිලිප් සීමර් දක්ෂයකු නොවුවේය. ඔහු මත් ද්‍රව්‍යයන්ට ඇබ්බැහි වී සිටියේය. මිය යන විට අතේ ඉඳිකටුවක් තිබී ඇති අතර, මරණයට හේතුව මත්ද්‍රව්‍ය පමණ ඉක්මවා ගැනීම බවට අනුමාන කෙරෙයි. මිමි ඕ’ ඩොනල් ඔහුගේ පෙම්වතියයි. ඔහු මෑතකදී පෙම්වතියගෙන් සහ දරුවන් තිදෙනාගෙන් වෙන්වී ඇත.