|
|
මට හරි දුකයි මාව අමතක කළාටචිත්රා වාකිෂ්ට
අනේ ඔය දරුවො ආපු එක කොච්චර දෙයක්ද? මං ලෙඩවෙලා අන්ත අසරණයි. පේනවා නේද? මට කතා කරගන්නත් අමාරුයි. කටහඬත් වෙනස්වෙලා.
කිසිම කෙනෙක් දන්නෙ නැහැ මට අසනීප වෙලා කියලා. අන්තිමට මම රඟපෑවෙ කෝපිකඩේ නාට්‍යයේ. ඔවුන් ඇතුළු ස්වාධීන රූපවාහිනී සේවය තමයි මගෙ ලෙඩවලට බෙහෙතක් හේතක් ගන්න ආධාරයක් දුන්නේ. කවද්ද චිත්‍ර අක්කා අසනීපවුණේ? පහුගිය ඔක්තේබර් මාසයේ ඉඳලා තමයි මට දැනුනේ මේ අසනීපය. ගිය සතිය වෙනකම් මහරගම පිළිකා රෝහලේ ප්‍රතිකාර ගත්තා. කොහොමහරි සැරින් සැරේ ගිහින් මහරගමින් බෙහෙත් ගන්න ඕන. මං ඉන්නෙ බොරැල්ලෙනේ. මේ තත්ත්වය මත බස් එකේ යන්න බැහැ. ත්‍රීවීල් එකක මහරගමට යන්න විතරක් රුපියල් 700 ක් යනවා. රඟපෑමෙන් ජීවත්වූ මට දැන් රඟපාන්නත් බැහැ.
දැන් මේ කාගෙ ගෙදරද ඉන්නෙ? විමල් වීරවංශ මහත්තයට පිංසිද්ධවෙන්න මට ගෙයක් ලැබුණා. ඒත් ඒ ගෙදරට මාසිකව පන්දහසක් දෙන්න ඕන. මගෙ දුව ආබාධිතයි. එයාවත් බලාගත්තෙ මං. පොඩිපුතාට හරිහමං රස්සාවක් නැහැ. මං ඒ කාටත් අතපාන්නේ නැතිව රඟපාලා ජීවත් වුණේ ඒත් අද... චිත්‍රා සුසුමක් සලන්නීය. ඇගේ තත්ත්වය සියැසින්ම දුටු අපට හට ඇතිවූ සංතාපය ගැන කියන්නට වචන නැත. ගුවන් විදුලිය, සිනමාව, වේදිකාව සහ ටෙලි නාට්‍ය යන සිව්මාධ්‍යයන්ගෙන් චිත්‍රා දස්කම් දැක්විය. ගුවන් විදුලියේ එකල ඉතාම ප්‍රසිද්ධ නාට්‍ය දෙකක් වූ මුවන්පැළැස්සහි කිරිඅම්මා සහ වජිරා හි වජිරාගේ මවට හඬකැව්වේද ඇයයි. එමෙන්ම ස්වාධීන රූපවාහිනියෙ වජිරා නාටකය ඇසුරෙන් පළමුවරට කළ වජිරා ටෙලි සිතුවමේද ඇය වජිරාගෙ මව වූවාය.
දිමුතු මුතු කියද්දී මතක්වුණේ ළමයො පහුගිය දවසක පැවැත්වුණු රූපවාහිනී රාජ්‍ය සම්මාන උළෙලේදී දිමුතුමුතු නාට්‍යයට සම්බන්ධ වූ කාර්මික ශිල්පීන්ට පවා කතා කරල ඇගයීමට ලක් කළා. ඒත් ලංකාවෙ පළමු නිළියවන දේවිකා මිහිරානිගෙ අම්මට රඟපාපු මට කිසිම ආරාධනාවක් නැහැ. ඇයි මේ ලෙඩ මාව අමතක කළේ. මට හරිම දුකයි ඒකට.
චිත්‍රා මේවන විට තවත් අසාධාරණයකට ලක්ව ඇත. එයද ඇය කීවේ හැඬූ කඳුළිනි. මේ ළඟදී පැරැණි නළු නිළියන් කිහිපදෙනෙකු අගයා උපහාර උළෙලක් ටවර් හෝල් එකේදී තිබුණා. අපට දන්වලා තිබුණා සම්මානයක් සමඟ රුපියල් 25000 ක මුදලක් දෙනවා කියලා. ඔන්න එදා සම්මාන යයි ලියුම් කවරයකුයි ලැබුණා. මහත් බලාපොරොත්තු ඇතුව ගෙදර ඇවිත් ඒක දිගහැරලා බලපුවම ලොකු හෝටලයකින් කෑම වේලක් කන්න වවුචරයකුයි තියෙන්නේ. අනේ අපිට මොන කෑමද පුතා. සල්ලි කීයක් හරි ලැබුණානම් මේ ලෙඩකට බෙහෙතක්වත් ගන්න තිබුණා. චිත්‍රා නැවත නැවතත්ත වික්ෂෝපවෙයි. ඇය ජීවිත කාලයම කැප කළේ කලාව වෙනුවෙනි. වයස අවුරුදු හැත්තෑ අටක්වන ඇය ඔබේ පිහිට යදින්නේ ඉතාම කාරුණිකවය. චිත්‍රාගේ බෙහෙත් සඳහා මාසික වියදම පමණක් රුපියල් හතළිස් දහසක් පමණ වේ. 0723833926 මේ ඇගේ දුරකතන අංකයයි. කතා කරන්න ඇයට. උපකාරයක් කරන්නට ඔබට නොහැකිනම් ඇගේ සුවදුක් හෝ විමසන්න. එය පවා මේ මොහොතේ චිත්‍රාට මහත්වූ අස්වැසිල්ලක් වේවි.
|



චිත්‍රා වාකිෂ්ඨ බැගෑපත්ව අපට කියාපෑවාය. වෘත්තීමය රංගන ශිල්පිණියකවූ ඇය මේවනවිට
නිවෙසටම කොටුවී සිටියි.
චිත්‍රාගේ රංගන දිවිය මෙයින් වසර හැටකට පමණ එපිටට දිවයයි.
සිරිසේන විමලවීරගේ පොඩිපුතා, සිරකරුවා, නාරිලතා, ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස්
සිනමාවේදියාණන්ගේ ගොළු හදවත, යුගාන්තය ඇතුළු සීතල වතුර, රෑනගිරව්, සුහදපැතුම,
මීමැස්සෝ, ගැහැනු ළමයි, පරසතුමල්, හිතහොඳ චණ්ඩියා, චිත්‍රා රංගනයෙන් දායක වූ
සිනමාපට කිහිපයකි. එපමණක්ද නොව මෙරට පළමු ටෙලිසිතුවම වන දිමුතු මුතු සිට මේ දක්වා
ටෙලිනාට්‍ය සිය ගණනකට ඇය රංගන දායකත්වය ලබාදී ඇත.