|
රාජ්‍ය නාට්‍ය උළෙල 2014 පෙබරවාරි 10 – 28 දක්වා ටවර් රඟහලේසංස්කෘතික හා කලා කටයුතු අමාත්‍යංශයේ මෙහෙය වීමෙන් සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව හා ශ්‍රී ලංකා කලා මණ්ඩලයේ රාජ්‍ය නාට්‍ය අනුමණ්ඩලය මගින් 42 වැනි වරට සංවිධානය කරනු ලබන 2014 රාජ්‍ය නාට්‍ය උළෙලෙ මේ මස 10 වැනිදා සිට 28 වැනිදා දක්වා මරදාන ටවර් රඟහලේ දී පැවැත්වේ. මෙවර ඒ සඳහා නාට්‍ය 13 තේරී ඇති ඇති අතර මෙය මෑත ඉතිහාසයේ වැඩිම නාට්‍ය ප්‍රමාණයක් අවසන් වටයට තේරුණ ප්‍රථම අවස්ථාව වේ. දිනපතා සවස 6.00 ට වේදිකා ගතවන නාට්‍ය පිළිවෙළ මෙසේය.
පෙබරවාරි 10 – රංජිත් ධර්මකීර්තිගේ ‘අංගාරා ගඟ ගලා බසී’ පෙබරවාරි 11 – රාජිත දිසානායකගේ ‘ආදර වස්තුව‘ පෙබරවාරි 12 – ඊ.එම්. ඩී . උපාලිගේ ‘ඉඩමේ දී විකිණේ’ පෙබරවාරි 13 – ආර් . එම් . යසරත්නගේ ‘උත්තරීතර’ පෙබරවාරි 14 – ඩබ්ලිව්. එස්. විජේසිංහගේ ට්‍රේන් ඩ්‍රයිවර් පෙබරවාරි 15 - සේනක එදිරිසිංහගේ ‘බ්ලැකවුට්’ පෙබරවාරි 16 – චාමික හත්ලහවත්තගේ ‘මකරට’ පෙබරවාරි 17 – බුද්ධික දමයන්තගේ ‘චේ ගුවේරා’ (මරා දැමූ ජීවත්වන මිනිසා) පෙබරවාරි 18 – ප්‍රියන්කර රත්නායකගේ ‘විසේකාරියෝ’ පෙබරවාරි 19 – අඛිල සපුමල්ගේ ‘රාවණ ආදරයේ හුස්ම රඟ’ පෙබරවාරි 21 – ජයලත් මනෝරත්නගේ ‘සෙල්ලම් නිරිඳු’ පෙබරවාරි 22 – පරාක්‍රම නිරිඇල්ලගේ ‘හුණුවටයේ කතාව‘ පෙබරවාරි 26 – උපනන්ද වැලිකලගේ ‘මුහාම්’ පෙබරවාරි 28 – ඩග්ලස් සිරිවර්ධනගේ ‘බෙරහඬ’
අවසන් වටයට තේරී ඇති කෙටි නාට්‍ය පෙබරවාරි 23 - කේ . ජයසීලන්ගේ ‘කනවු’ කෝරළගේ සමන්ගේ ‘අජරාමර’ තනුජා විජේවිකුමගේ ‘අන්තිම තත්පරය’ බුද්ධික රොෂාන්ගේ ‘අතිකාල’ නේරංජන් චන්ද්රදිත්යගේ ‘ගැහැනු කවුරුද වරදෙ නොබඳෙන’ පෙබරවාරි 24 – එම් . කතීස්වරන්ගේ ‘සවාපෙට්ටි’ රුවන් දේශප්‍රියගේ ‘දොරවහලා’ ජේ .එම් . ජයබාහුගේ ‘මම බහින්නේ නැහැ’ සමන් චන්දනගේ ‘සේසතයි කුමරියයි’ ඇන්ටනී ජයලත්ගේ ‘සුධම්මාවතී’ පෙබරවාරි 25 - එස් . නිශාන්තගේ ‘නාන්ඩොට් ෆයින් ආර්ට්ස්’ උපුල් කිරිදෙනගේ ‘හනිමුන්’ නිලංක නාමල්ගේ ‘හීන හොයන්න’ ඉන්දික ප්‍රසාද්ගේ ‘හැදුවෙ අපිනෙ’ තරංගා ප්‍රියදර්ශනීගේ ‘ෆෝමැට්’ |