වර්ෂ 2014 ක්වූ ජනවාරි 16 වැනිදා බ්‍රහස්පතින්දා




දිරිය කතක් සමඟ නිවේදිකා

දිරිය කතක් සමඟ නිවේදිකා

ඉඳුනිල් දිසානායක

පසුගිය දිනවල මගේ ජීවිතයට උදා වූයේ බොහොම සතුටු දින කිහිපයක්. ඒ මගේ අක්කගේ දුව වුණත් මා ළඟම මගේ දරුවකු ලෙස හැදුණු වැඩුණු ඇගේ මංගල උළෙල කේරළයේ පැවැත්වීමයි. ඒ සඳහා සති කිහිපයක් එහි ගත කළා. ඊට අමතරව පසුගිය සතියෙහි මම නිවේදනය කරන ‘සල්මල් යාය’ වැඩසටහනට අපූරු ලේඛිකාවක් කැඳවා ගෙන ආවා. ඈ බර්නි දසනායකයි.

දිරිය මවක් වූ ඈ වැනි අයෙක් සමඟ කතාබහ කිරීමට ලැබීම ඇත්තටම සතුටක්. දරුවන් සය දෙනකුගේ මවක වූ ඈ සයවෙනි දරුවා සිය කුසෙහි සිටියදී මිය යන සැමියාගේ බර කරට ගන්නේ තනිවමයි. මේ වන විට 74 වැනි වියේ පසුවන ඇයගේ දරුවන් ඉංජිනේරුවන් හා වෛද්‍යවරුන්. ලේඛන දිවියට පිවිස සිටින එවැනි දිරිය කතක් හඳුනා ගැනීමට ලැබීම මගේ ජීවිතයේදී ලැබූ භාග්‍යයක් ලෙසයි මා සලකන්නේ.