වර්ෂ 2014 ක්වූ නොවැම්බර් 20 වැනිදා බ්‍රහස්පතින්දා




ආදරයට ආදරයෙන් කොළඹ අවට

ආදරයට ආදරයෙන් කොළඹ අවට

ඩොනල්ඩ් ජයන්ත සම අධ්‍යක්ෂණය කරනු ලබන ආදරයට ආදරෙන් මේ දිනවල කොළඹ අවට රූගත වෙමින් පවතියි. අපූරු ආදර අන්දරයක් වන මෙහි සංගීතා වීරරත්න, උද්දික ප්‍රේමරත්න, මිහිර සිරිතිලක, හේමාල් රණසිංහ, ශේෂද්‍රි, ජයන්ත අතපත්තු, හිමාලි සිරිවර්ධන ආදීහු රංගන දායකත්වය සපයති.

ආදරයට ආදරෙන් ආර්. සදේශ් කුමාර් සහ ශ්‍රීමති සදේශ් කුමාර්ගේ නිෂ්පාදනයකි. අශෝක ආරියරත්න නිෂ්පාදන කළමනාකරුය. මංජුල අයගමගේ කලා අධ්‍යක්ෂණයකි. සමීර මධු කිඳෙල්පිටිය අංග රචනයෙන් එක් වෙයි. භාතිය ජයකොඩි හා සන්තුෂ් වීරමන් ආදරයට ආදරෙන් සංගීතයෙන් රස ගන්වනු ඇත.