වර්ෂ 2014 ක්වූ නොවැම්බර් 20 වැනිදා බ්‍රහස්පතින්දා




රඟපෑම් ඉවර නෑ

රඟපෑම් ඉවර නෑ
 

රංගන ශිල්පිනී සමනලී ෆොන්සේකා

මගේ පශ්චාත් උපාධියේ පළමු විභාගය අවසන් වුණා. ලබන මාසයේදී චින්තන ධර්මදාසගේ ‘ඇවිලෙන සුළු’ චිත්‍රපටයේ රූගත කිරීම් ආරම්භ වේවි.

‘මෝටර් බයිසිකල්’, ‘ප්‍රේමය නම්, ‘නිම්නයක හුදකලාව’ ආදී මා රඟපෑ චිත්‍රපට කිහිපයක්ම ඉදිරියේදී තිරගත වීමට නියමිතයි. ඒත් සමඟම ටෙලි නාට්‍ය දෙකකටත් මා රංගනයෙන් දායක වූ නිසා එවාත් ඉදිරියේදී විකාශය වේවි.