වර්ෂ 2014 ක්වූ නොවැම්බර් 20 වැනිදා බ්‍රහස්පතින්දා




Happy Birthday  නැති උපන්දින සාදය

Happy Birthday  නැති උපන්දින සාදය

තරුණියන්ගේ සිහින කුමරා ලියනාඩෝ ඩිකැප්‍රියෝ පසුගියදා තම හතළිස් වැනි උපන්දිනය සැමරුවා. ලොස් ඇන්ජලීස්හිදි පැවැති මෙම උපන්දින සාදය සඳහා සහභාගි වුණේ ඔහුගේ ළඟම හිතවතුන් සියයක පමණ පිරිසක්. ඒ අතර වූ තරු අතරේ ජෝනා හිල්, ටෝබි ගයර්, කෙවින් කොනලි, රසල් සිම්සන්ස්, රොබින් තික් සිටියා.

පසුගිය එකොළාස් වැනිදා රාත්‍රියේ පැවැති සිය උපන් දින සාදයට ඩිකැප්‍රියෝ පැමිණ තිබුණේ රාත්‍රි එකොළහටයි. ඒ වගේම හතළිස් වැනි උපන්දිනයට ඔහුට ලැබුණෙත් තෑගි හතළිහක්. සෑම උපන් දින සාදයකම ගැයෙන Happy Birthday  ගීතය ඩිකැප්‍රියෝගේ මෙවර උපන්දින සාදයේදී ගායනා කරලත් නැහැ. ඒ වගේම ඔහුගේ පෙමිවතිය ටෝනි ගැරන් මේ අවස්ථාවට සහභාගි වෙලා තිබුණේ නැහැ. ඒ ඇය ඒ දිනවල ජර්මනියේ බර්ලින් නුවරට ගොස් සිටි නිසා.