වර්ෂ 2014 ක්වූ නොවැම්බර් 20 වැනිදා බ්‍රහස්පතින්දා




සේමිණි ඉද්දමල්ගොඩගේ නැන්දණිය අභාවප්‍රාප්ත වෙයි

සේමිණි ඉද්දමල්ගොඩගේ නැන්දණිය අභාවප්‍රාප්ත වෙයි

චිත්‍රපට හා ටෙලි නාට්‍ය රංගන ශිල්පිනී සේමිණි ඉද්දමල්ගොඩ මහත්මියගේ නැන්දණිය වූ ෆ්‍රැන්සිස්කා ඉද්දමල්ගොඩ මහත්මිය අභාවප්‍රාප්ත වූවාය.

ඇය දකුණු කොළඹ අපරාධ විමර්ශන අංශයේ ප්‍රධාන පොලිස් පරීක්ෂක ධම්මික ඉද්දමල්ගොඩ මහතා ඇතුළු දරුවන් තිදෙනකුගේ මවකි. මිය යන විට ඇගේ වයස අවුරුදු 77 කි. ඇයගේ අවසන් කටයුතු පසුගියදා රත්නපුර පොදු සුසාන භූමියේදී සිදු කෙරිණ. - ප්‍රසාද්

‘පෙම් කවක් ලියූ සුරම්‍යා’  ජාතික රූපවාහිනියේ

ගේයපද රචිකාවක් මෙන්ම ජාතික රූපවාහිනියේ නියෝජ්‍ය (වැඩසටහන්) අධ්‍යක්ෂවරිය වන සුරම්‍යා මාපිටියගේ ‘පෙම් කවක් ලියූ සුරම්්‍යා’ ප්‍රසංගය මේ මස 22 වැනිදා රාත්‍රි 10.00 ට ජාතික රූපවාහිනි සේවයේ විකාශය වෙයි. මේ ප්‍රසංගය පැවැත්වූයේ ඇයගේ ‘සුන්දරයාණෙනි’ සංයුක්ත තැටිය හා ‘මිහිරිම මතක’ ගීත පොත එළි දැක්වීම වෙනුවෙනි. - තිලානි ශානිකා

සුනිල් සමරකෝන්ගෙන් සුදු ලිහිණියෝ

සුනිල් සමරකෝන්ගේ ‘සුදු ලිහිණියෝ’ වේදිකා නාට්‍යය මේ මස 22 වැනිදා රාගම බැසිලිකා විදුහල් ශාලාවේ දී වේදිකා ගතවෙයි.

ලක්ෂ්මන් ආරච්චිගේ, තිලකරත්න ලියනගේ, අජිත් කොටුවිල, සංජුල දිවාරත්න, ඩෙමියන් ජයලත්, අනූෂා දිසානායක, කුමාරි සේනාරත්න, නයනි සමරවීර, දිලිනි මහේෂිකා යන රංගන ශිල්පීන් හා ශිල්පිනියන් රඟපාන මෙහි වේශ නිරූපණයෙන් රෝහණ ජීවන්ත ද සංගීතයෙන් සුරේෂ් මාලියද්ද හා අසේල ඉන්ද්‍රලාල් ද සහය වෙති. - තිලානි ශානිකා

‘මාතෘ’බොරැල්ල වයි.එම්. බී. ඒ ශාලාවේ

නීතිඥ මහනාම සිලිවා රචනා කර අධ්‍යක්ෂණය කරන ලද ‘මාතෘ’ වේදිකා නාට්‍යය මේ මස 22 වැනිදා බොරැල්ල වයි.එම්. බී. ඒ ශාලාවේ වේදිකා ගතවෙයි. ධනුෂ්කා, උපාලි තිවංක, ජානක පෙරේරා, ලක්මා වීරසේකර, අජිත් කේ මුණසිංහ, සමන් මිහිරිපැන්න, රෝහිත විජේසුන්දර, සරත් සේනාධීර, ආදී රංගන ශිල්පිනියන් හා ශිල්පීන් රැසක් රංගනයෙන් දායක වෙති.