වර්ෂ 2014 ක්වූ නොවැම්බර් 20 වැනිදා බ්‍රහස්පතින්දා




මම්තා කුඩු ජාවාරමේ

මම්තා කුඩු ජාවාරමේ

බොලිවුඩයට විදුලි සැරයක් මෙන් පෙනී නොපෙනී ගිය සුරූපී මම්තා කුල්කර්නි ආශික් ආවාරා, සබ්සෙ බඩා කිලාඩි, බාසි තාරකාව තවමත් වැඩි දෙනකුගේ මතකයෙන් බැහැර වී නැතිවාට සැකයක් නැත. ඇයගේ සිනමා ජීවිතයට එතරම් ආයු කාලයක් නොතිබුණේ ආදර සබඳතා නිසයි. ඇය විකී ගෝස්වාමි සමඟ අවසානයේදී විවාහ වූවාය. මේ මම්තා ගේ නවතම කථාවයි. ඇය මත් ද්‍රව්‍ය ජාවාරමක කොටස්කාරියක වී කෙන්යාවේදී අත් අඩංගුවට ගෙන තිබේ.

ඒ තනිවම නොවෙයි, සැමියා විකී ගෝස්වාමි සමඟයි. මම්තා කලක් සන්යාසිනියක ලෙස ද ජීවිතය ගත කළාය. එහෙත් විකී සමඟ විවාහවීමෙන් පසු සන්යාසි නම් හින්දු පැවිදි දිවියෙන් සමු ගත්තාය. විකී, මම්තා සමඟ විවාහවීමට පෙර ඩුබායි සිර මැදිරියකට කොටු වූයේ ද මත්ද්‍රව්‍ය ජාවාරම් කටයුතුවල යෙදීම නිසයි. පසුව ඉස්ලාම් ආගමිකයකු බවට පත්වුණු ඔහු මම්තා සමඟ විවාහ වූවේය.

මත්ද්‍රව්‍ය සිදුවීමට මම්තා වරදකරුවකු වුවහොත් ඇය ඉන්දියාවටත්, විකී වරදකරුවකු වුණොත් ඔහු අමෙරිකාවටත් භාර දෙනු ඇත. හතළිස් දෙහැවිරිදි මම්තා බොලිවුඩයට ආයුබෝවන් කීවේ 2002 ‘කභී තුම් කභී හම්’ රංගනයත් සමඟයි.