වර්ෂ 2014 ක්වූ නොවැම්බර් 20 වැනිදා බ්‍රහස්පතින්දා




අම්මා නොවේ කුඩම්මා

අම්මා නොවේ කුඩම්මා

කුඩම්මා ගැන සැබෑ අම්මලා තාත්තලාට තරම් හොඳ ප්‍රතිචාර දරුවන්ගෙන් නොලැබෙයි. එහෙත් ශ්‍රී දේවි වාසනාවන්ත කුඩම්මා කෙනෙකි. බොනි කපූර්ගේ පුතු අර්ජුන් කපූර් මෙතෙක් කුඩම්මා, ශ්‍රී දේවිය ගැන මුනිවත රැක්කත් කරන් ජොහාර්ගේ කොෆි විත් කරන් වැඩ සටහනේදී ශ්‍රී දේවිය තම පියාගේ බිරිය ලෙසින් පිළිගන්නා බව පැවසීය.

පිළිකාවකින් මෑතකදී මියගිය තම මව මෝනා කපූර් පවසා ඇත්තේ සියල්ලන්ටම ගෞරව කරන ලෙස බව ඔහු එහිදී සඳහන් කර ඇත. එහෙත් ශ්‍රී දේවි සහ බොනී කපූර් සමඟ එකට ජීවත්වීමට අදහසක් නැති බවත් අර්ජුන් පැවසීමට අමතක නොකළේය. ශ්‍රී දේවිය ද ප්‍රසිද්ධියේ අර්ජුන් ගැන කතා නොකරන්නීය. දෙදෙනා කිසිදු අවස්ථාවකට එකට උත්සවයකට සහභාගි වන්නේ ද නැත.