වර්ෂ 2014 ක්වූ නොවැම්බර් 20 වැනිදා බ්‍රහස්පතින්දා




ගී ලොව අබිසෙස් ලද ඔපකර දස්කම්

ගී ලොව අබිසෙස් ලද ඔපකර දස්කම්

රාජ්‍ය සංගීත සම්මාන උළෙල – 2014 පසුගියදා (14 වැනිදා) සංස්කෘතික හා කලා කටයුතු අමාත්‍ය ටී. බී. ඒකනායක මහතාගේ හා කලාකරුවන්ගේ ප්‍රධානත්වයෙන් කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්විණි.

එදින සම්මාන ලැබූ ශිල්පීන් හා ශිල්පිනියන් මෙසේයි.

ප්‍රශස්තම ගායනය (පිරිමි - නවක)

එල්. එන්. ඒ. දර්ශන ප්‍රමෝද් නිශ්ශංක

ප්‍රශස්තම ගායනය (ගැහැනු නවක)

මංගලිකා තෙන්නකෝන්

ප්‍රශස්තම ගායනය (පිරිමි - ප්‍රවීණ)

සුනිල් එදිරිසිංහ

ප්‍රශස්තම ගායනය (ගැහැනු - ප්‍රවීණ)

ශෂිකා නිසංසලා

ප්‍රශස්තම ගී තනු හා සංගීත නිර්මාණය

කරුණාරත්න විජේවර්ධන

ප්‍රශස්තම ගේය පද රචනය

වසන්ත කුමාර කොබවක

ප්‍රශස්තම ගීත දෘශ්‍යකරණය (අධ්‍යක්ෂණය)

ආර්. ජී. පී. ජයරංග අලුත්වත්ත

ප්‍රශස්තම සංයුක්ත තැටිය ( නිෂ්පාදනය)

‘දහස් පෙතියා මල’ – ලංකාතිලක ජයසිංහ

ප්‍රශස්තම ළමා ගායනය (බාලක)

අයි. ඩී. රමේෂ් ඉසිවර වීරසිංහ

ප්‍රශස්තම ළමා ගායනය (බාලිකා)

තනුරි නිම්තරා රාජපක්ෂ

ප්‍රශස්තම ළමා ගේය පද රචනය

බණ්ඩාර ඇහැලියගොඩ

ප්‍රශස්තම ළමා ගී තනු හා සංගීත නිර්මාණය (විවෘත)

දර්ශන වික්‍රමතුංග

ප්‍රශස්තම ළමා ගීත දෘශ්‍යකරණය – අධ්‍යක්ෂණය (විවෘත) කුසලතා

1. ‘වසු පැටියා’ – ජානකී සූරියආරච්චි

2. ‘අප්පිල ඇත්තෝ’ - ලලිත් රත්නායක

ප්‍රශස්ත ළමා ගී සංයුක්ත තැටිය (නිෂ්පාදනය)

‘පුංචි අපේ ගුරුතුමිය’ – ඩබ්ලිව්. ප්‍රදීපා පෙරේරා

මෙම සම්මානවලට අමතරව සුනිල් දයානන්ද කෝණාර, ලූෂන් බුලත්සිංහල, අයිවෝ ඩෙනිස්, නිශාද් හඳුන් පතිරණ, එච්. එම්. ජයවර්ධන, ගලගෙදර එම් එම්. ඒ. හක්, මර්වින් බෙන්ස්, ෂන්මුගරාවන්, කොමදෝරු ජූඩ් පීරිස් යන ප්‍රවීණ ශිල්පීන්ට යාවජීය සම්මාන 9 ක් ද පිරි නැමුණි.

මෙම අවස්ථාවට සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ විජිත් කණුගල, සංස්කෘතික හා කලා කටයුතු අමාත්‍යාංශයේ ලේකම් වසන්ත ඒකනායක යන මහත්වරු ඇතුළු සම්භාවනීය අමුත්තෝ රැසක් සහභාගි වී සිටියහ.