වර්ෂ 2014 ක්වූ නොවැම්බර් 20 වැනිදා බ්‍රහස්පතින්දා




තුන්කල් දැක්ම අද නුගේගොඩ දී

තුන්කල් දැක්ම අද නුගේගොඩ දී

එළඹෙන මැතිවරණයේදී ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා තෙවන වරටත් මෙරට ජනාධිපති ධුරයට පත් කිරීම වෙනුවෙන් ශ්‍රී ලාංකේය කලාකරුවන්ගේ ජාතික සංසදය පූර්ණ සහය දක්වන බව පසුගියදා පැවැති මාධ්‍ය හමුවකදී ඔවුහු පවසා සිටියේය.

ඒ සඳහා තුන්කල් දැක්ම නමින් විශේෂ රැලියක් මෙම මස 20 වැනිදා එනම් අද සවස 5 ට නුගේගොඩ ආනන්ද සමරකෝන් එළිමහන් රඟමඬල අභියසින් ඇරැඹීමට නියමිතය. මේ සඳහා සහෝදර කලාකරුවන්ට සහභාගි වන්නැයි සංවිධායක කමිටුව විවෘත ආරාධනාවක් කරයි.

ශ්‍රී ලාංකේය කලාකරුවන්ගේ ජාතික සංවිධානයේ විධායක කමිටුව සඳහා සිරිල් වික්‍රමගේ, ආචාර්ය මාලිනී ෆොන්සේකා, ආචාර්ය රවීන්ද්‍ර රන්දෙණිය, ආචාර්ය රෝහණ වීරසිංහ, නීතිඥ ඩග්ලස් සිරිවර්ධන, නීතිඥ අශෝක සේරසිංහ, කරුණාරත්න දිවුල්ගනේ, නාලන් මෙන්ඩිස්, විශාරද එඩ්වඩ් ජයකොඩි, ශ්‍රියන්ත මෙන්ඩිස්, ලාල් කුලරත්න, සුදත් රෝහණ, රොහාන් වැලිවිට, අජිත් ලොකුගේ, පාලිත සිල්වා, අනුර මාධව ජයසේකර, ගාමිණී ජයලත්, ලාල් වීරසිංහ, නිල්මිණි තෙන්නකෝන්, ජානක වික්‍රමසිංහ සහ ක්‍රිෂාන්ත එරන්දක ඇතුළත් වෙති.