වර්ෂ 2014 ක්වූ නොවැම්බර් 20 වැනිදා බ්‍රහස්පතින්දා




ප්‍රසන්නට ටස්වීර් එමරල්ඩ් සම්මානය

ප්‍රසන්නට ටස්වීර් එමරල්ඩ් සම්මානය

නව වන දකුණු ආසියාතික සිට්ල් සිනමා උළෙලේදී ශ්‍රී ලාංකේය සිනමාකරු ප්‍රසන්න විතානගේ ටස්වීර් එමරල්ඩ් සම්මානය දිනා ගත්තේය.

මෙවර එම උළෙලට අන්තර් ජාතික සිනමාකරුවන් විසි හත් දෙනෙකුගේ චිත්‍රපට ඇතුළත් විය. මෙම සම්මානය පිරිනැමෙනුයේ දකුණු ආසියා කලාපයේ සිනමා ප්‍රවර්ධනය මෙන්ම මෙතෙක් කළ විශිෂ්ට සිනමා මෙහෙවර ගැන සැලකිල්ලට ගනිමිනි.

එහි අරමුණ දකුණු ආසියාතික සිනමාකරුවන් ලෝක සිනමාවේ හොඳ ඉඩකඩක් සැකසීමය.