වර්ෂ 2014 ක්වූ නොවැම්බර් 20 වැනිදා බ්‍රහස්පතින්දා




F E E D B A C K

F E E D B A C K

ගී කෝකිලාවියන්ට නිරෝගී සුව

අමයුරු මියුරු ගීයෙන් හෙළ සිනමාවට ස්වර්ණ වසන්ත යුගයක් උදා කළ ලතා වල්පොල, සුජාතා අත්තනායක, ඇන්ජලින් ගුණතිලක නම් වූ අග්‍රගණ්‍ය ගීත කෝකිලාවියනි ඔබ තිදෙනාට නිදුක් නිරෝගී සුවය පතමි.

සුනිල් විජේසිංහ

මතුගම

සිරස හඬ කැවීම් සාර්ථකයි

සිරස නාලිකාවේ විකාශය වන විදේශීය ටෙලි නාට්‍ය සඳහා හඬ කැවීම අති සාර්ථකය. එහි විකාශය වූ ප්‍රවීණා, මහ ගෙදර, ප්‍රගති, මේ ආදරයයි වැනි ටෙලි නාට්‍ය ප්‍රේක්ෂකයන්ට සමීප වුණේ එහෙයිනි.

විරාජ්

ගෝනාවිල
 

එදා-මෙදා

අතීතයේ ගී ගැයූ ගායක ගායිකාවෝ විරහ ගීත ගයද්දී ඇඬුවේ නැහැ. වේග රිද්මෙ ගී ගයද්දී අපි නැටුවා මිසක් ඔවුන් නැටුවෙ නැහැ. ඒත් මේ නව පරපුර ගී ගයද්දී නහර පුම්බගෙන ඇස් පොඩි කරගෙන දත්මිටි කාගෙන ගී ගයද්දී නරඹන අපි ඔවුන් විඳින වදය ගැන හිතනවා මිසක් ගීතය ගැන හැඟීමක් එන්නේ නැහැ. එදා ගායනයෙහි මෙදා ගායනයෙහි ඇයි මේ අමුතු වෙනසක් කියලා අපට ප්‍රශ්නයක්.

සුසිලා පතිරාජ

උස්වැටකෙයියාව
 

හොඳම චිත්‍රපටය

මා නැරැඹූ හොඳම චිත්‍රපටය තන්හා රති රඟාය. එහි රඟපාන සරත් කොතලාවල, කුමාර තිරිමාදුර, නාමල් ජයසිංහ ප්‍රේක්ෂකයාගේ සිත ඇදෙන ආකාරයට රංගනයේ යෙදීම විශේෂ ලක්ෂණයකි.

දයානන්ද ද සිල්වා

හික්කඩුව

සේනානිට සුබපැතුම්

ජීවරාණි කුරුකුලසූරියගේ දියණිය ජාත්‍යන්තරයට එක් වූ වගයි. ඇය නමින් සේනානි විජේසේන. සේනානි ගී ගයා එක්සත් රාජධානියේ ඉහළ ස්ථානයක් දිනා ගැනීමට සමත් විය. ඇයට අපගේ භක්ති ප්‍රණාමය පුද කරමු.

වියානි ගුණවර්ධන

නිලන්ති, වයානි ගුණවර්ධන

ශීලා වැන්ඩර්ලන්

වෙන්නප්පුව
 

තැපැල් මල්ල නැත

සෑම දෙසතියකට වරක් ප්‍රචාරය වුණ ගුවන් විදුලියේ ස්වදේශීය සේවයේ තැපැල් මල්ල දැන් නැත. එහෙයින් ගුවන් විදුලියේ අඩුපාඩු, යෝජනා, චෝදනා ඉදිරිපත් කිරීමට අවස්ථාවක් නැත. එම නිසා එම වැඩ සටහන නැවත ප්‍රචාරය කරන මෙන් ඉල්ලා සිටිමි.

එල්. එම්. ප්‍රේමසේන පෙරේරා

ඥාණා කුමාරි පෙරේරා

කළුබෝවිල

නිල්මිණි දෑසේ සතුටකි

සිසිර සේනාරත්න සංගීත රසෝඝය නිල්මිණි දෑසේ ප්‍රසංගයදී එකම වේදිකාවක ගායන ශිල්පීන් රැසක් දැක ගැනීමට හැකි වීම මහත් වූ සතුටකි.

චිත්‍රා ජානකී විජේසේකර

නුගේගොඩ

දඟකාර රූබර අනර්කලී

සරත් සමයේ පිපුණු දෙළුම් කුසුම ඔබයි. අනර්කලී ඔව් අපේ දඟකාර රූබර සිනමා නිළි අනර්කලී තමා ඒ.

සුනිල් චන්ද්‍රසේකර

යාගොඩමුල්ල

කොටුගොඩ

එහෙම එපා සුපර් ස්ටාර් අයියේ

ඇයි අනේ ඔයාගේ ඔච්චර ලොකුකම. ඔහොම ලොකුකම් දාන්න එපා. ඔයා අද ඔය තත්ත්වෙ ඉන්නේ අපි වගේ රසික රසිකාවියෝ නිසයි. ඔයා පත්තරේක ඉන්ටර්විව් එකක එහෙම කියලා තියෙනවා. ඒ වගේම ඔයා එදා හිටපු ඔයාමලු. ඒක නම් තනිකර බොරුවක්. ඔයාගේ නම්බරේ අපි බොහොම අමාරුවෙන් හොයාගෙන කෝල් ගත්තත් ඔයා ආන්ස්වර් කරන්නේ නැහැ. එහෙම කරන්න එපා අයියේ. මෙහෙම කියන්නේ සුපිරි තරග බිමෙන් ගී ලොවට පෑයූ තරුවකට.

නිලුකා ප්‍රියදර්ශනී

නාත්තණ්ඩිය

දෙවනි වන්නේ

වේදිකාවේ, සිනමාවේ මෙන්ම පුංචි තිරයේ ද එකසේ දස්කම් පාන ශ්‍රියන්ත මෙන්ඩිස්ගේ විවිධ වූ රංගන දස්කම් නිරතුරුවම දකින්නෙමු. දශක තුනකට අධික කාලයක් පුරාවට ඔබගේ රංගන හැකියාව සලකා බලන කළ ඔබ දෙවැනි වන්නේ සිනමා සක්විති ගාමිණී ෆොන්සේකාට පමණි.

ලක්ෂ්මන් රණසිංහ

හේකිත්ත

මතකයේ රැඳුන ගී ආසාවෙන් අහමු

ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ වෙළෙඳ සේවයෙන් සෑම සෙනසුරාදා දිනකම සවස ගුවනට මුසු කරන මතකයේ රැඳුණු ගී අපි ආසාවෙන් සවන් දෙන වැඩ සටහනකි.

රෝහිණී දයාරත්න

දිවුලපිටිය

උතුම් පැතුම් වෙනසක්

සඳුන් රාජකරුණාගේ උතුම් පැතුම් ටෙලි නාට්‍යය යොවුන් පරපුරට ආදරයත් වෛරයත් අතර ඇති වෙනස මොනවට කියාපායි. උත්පලා නම් වූ අසරණ පවුල් පසුබිමක් ඇති යුවතියකගේ බලාපොරොත්තු සුන්ව යන ආකාරය මනාව ගලපා පෙන්වයි. අනෙකුත් නාට්‍යවලට වඩා මෙය සුවිශේෂී වන්නේ දැකුම්කලු දර්ශන තල භාවිතයත් සුදුසුම රංගන ශිල්පීන්ගේ සහාය ලබා ගැනීමත් නිසාය.

පී. ඩී. හර්ෂ විරාජ්

නාලවලාන

 

S.M.S

ජනප්‍රිය පුද්ගලයින්ට රසික අප කතා කළාම ඇයි දුරකතනයට ඇමතීමට වෙන අයකුට දෙන්නේ. එහෙම කරන්න එපා. වැඩක නම් වැඩක කියලා හරි කියන්න.

ලක්මාලි

වරකපොළ

බොලිවුඩ්වල ආඩම්බරකාර නළු නිළියන්ට අමතක නොවන පාඩමක් උගන්වලා තියෙනවා. ඒ වගේ අපේ ලංකාවෙත් ඇතැම් ආඩම්බරකාර නළු නිළියන්ට රසික අප අමතක නොවන හොඳ පාඩමක් ඉගැන්නුවොත් එයාලගෙ ගෑස් ඉබේම බහීවි.

ෆාතිමා

වැලිගම

ගායක සම්පත් ශ්‍රී සෙනෙවිරත්න මොරටුවේ පැවැත් වූ ‘සුන්දර රාත්’ පණස්වැනි ෂෝ එක අමා ප්‍රසංගයකි. එය රට වටා ගෙනි යන්න.

සුදර්මා රූපසිංහ

කටුගස්තොට

සිරස නාලිකාවේ විකාශය වන මේ ආදරයයි ටෙලි ඩ්‍රාමා එකේ තේමා ගීතය මරේ මරු.

අසංගිකා

කුරුණෑගල

ආටක නාටක එකේ සුරංගා අක්කාගේ රංගනය නම් හරිම තාත්ත්විකයි. අපි ඒක බලන්නේ බඩ අල්ලගෙන හිනාවෙවී.

පී. එන්. ඒ. නිලූකා

අවිස්සාවේල්ල

විජය, ජෝති නමින් මාවතක් නම් කරන්න.

අනුලා

කුඩගම

දෙරණ නාලිකාවේ අභිමානය සුරකින නිවේදක චතුර අල්විස් පුවත් වාර්තා ඉදිරිපත් කිරීමේදී පොදු ජනතාවගේ ප්‍රශ්නවලදී එඩිතරව තම අදහස් දැක්වීම අගෙයි. මැදිහත් බවින් ඔබ ඉටු කරන මාධ්‍ය මෙහෙවරට මා මිස නමා ගෞරව කරමි.

හර්ෂනාථ බණ්ඩාර

නිකවැරටිය

මාතා චිත්‍රපටය ජාතික රූපවාහිනිය තුළින් පසුගිය දිනෙක විකාශය විය. යුද්ධයේ කුරිරු බව, අප රණවිරුවන්ගේ වීරත්වය සංවේගය දනවන අයුරින් එය අධ්‍යක්ෂණය කළ බූඩි කීර්තිසේන මාතා සමඟින් ජාතියට උදාර මෙහෙවරක් කර ඇත.

කේ. ඒ. ඩී. නාමල්

අකුරැස්ස

බිනරමලී චිත්‍රපටයේ නමත් සොරකම් කරලා. පැරැණි චිත්‍රපටවල නම් යොදා ගනිමින් ටෙලි නාට්‍ය නම් කිරීම නවත්වන්න.

සමන් ගාල්ලගේ

කැටපළ

කල්පාන්තේ සිහිනයක් චිත්‍රපටය තුළින් අද සමායට හොඳ පණිවුඩයක් ගෙන එනවා.

නිරෝෂ් සම්පත්

සිංහරාජ

සුසිලා කෝට්ටගේ නැන්දේ, විකට ටෙලි නාට්‍යවල නිළි රැජන ඔබයි. හොඳම විකට රංගනයන් දුටුවේ මා ඔබෙන් පමණයි.

ඩබ්ලිව්. එන්. සත්සරණි

වැල්ලවත්ත

කළු සෙවනැල්ල ටෙලි සිතුවම ජාතික රූපවාහිනියට රන් සෙවනැල්ලකි.

කමනි පෙරේරා

හල්තොට

ආදර දෑසක් ටෙලි නාට්‍ය බලන වෙලාවට හිතෙන්නේ දැන්වීම්වල කොටස් වගේ. එතරම්ම නාට්‍ය තුළ දැන්වීම පෙන්වනවා. නාට්‍ය වෙලාවට වැඩියෙන් පෙන්වන්නේ දැන්වීම්. ඒ වගේ සුන්දර නාට්‍යයක් නැරැඹීමේ වරම දැන්වීම් අපට අහිමි කළා.

ඈන් නිලන්ති ප්‍රදීපිකා

වයික්කාල

ග්‍රේෂන් ආනන්ද නැති අඩුව ඔහුගේ පුතු මරියෝ කදිමට පුරවාලනවා.

සහන්

ඇල්පිටිය

උදයකාන්ත මහත්තයෝ කොස්තාපල් පුඤ්ඤසෝම අංක දෙක නිර්මාණය කරන්න. එවිට එය යුගයේ ජනප්‍රියම සිනමාපටය වේවි.

නිහාල්චන්ද්‍ර

වතුරුගම

ප්‍රියා සූරියසේනගේ හඬින් ගැයුන මව් ගුණ ගීතයක් අහන්න ආසයි.

සුලෝචනා

අංගොඩ

වෙනත් වෘත්තිකයින් කල ලොවේ නියැලුණත් කලාකරුවන් වෙනත් වෘත්තියක් කරන්න යන්නේ නැහැ. කලාවේ හරියට නොයෙදෙන වෙනත් වෘත්තිකයන් තමන්ගේ වගකීම ඉටු කළා නම් හරි. කලාකරුවෝ කලාවේ නියැලෙයි.

සංසලා

නිවිතිගල

ළමා ටෙලි නාට්‍ය දැන් හැදෙනවා අඩුයි. සෙල්ලම් ගෙදර වැනි නාට්‍යයක් යළිත් නිර්මාණය කරන්න අධ්‍යක්ෂවරුන්ට නෙත් පෑදේවා.

මිහිරි

මිරිස්වත්ත