වර්ෂ 2014 ක්වූ නොවැම්බර් 20 වැනිදා බ්‍රහස්පතින්දා




ක්‍රිස්ටීන් ස්ටුවර්ට්ගේ ඇඟ කිළිපොලන අභ්‍යාසය

ක්‍රිස්ටීන් ස්ටුවර්ට්ගේ ඇඟ කිළිපොලන අභ්‍යාසය

ට්විලයිට් සාගා චිත්‍රපට මාලාවෙන් ලොව පුරා ජනාදරයට පත් වූ ක්‍රිස්ටීන් ස්ටුවර්ට් දැන් හොලිවුඩයේ ඉහළින්ම දිළෙන රංගන තරුවක්. පසුගිය දවසක ඇය ඇයගේ රංගන දිවියේ ලද සුවිශේෂ අත්දැකීමක් මාධ්‍යට හෙළි කළා. ඒ ලබන ජනවාරි මාසයේදී තිරගතවීමට නියමිත  Still Alice  චිත්‍රපටයේ ප්‍රචාරණ කටයුත්තකදී යි.

Still Alice, Alizheimer නම් මොළයේ ආබාධයක් ඇති කාන්තාවක වටා ගෙතුණු අපූරු චිත්‍රපටයක්. ලිසා ගෙනෝවාගේ Still Alice නම් කෘතිය ඇසුරෙන් ගොඩනැංවූ මෙම චිත්‍රපටයේ ක්‍රිස්ටීන් පණ පොවන්නේ මොළයේ ආබාධයකට ලක් වූ කාන්තාවකගේ දියණියගේ චරිතය යි. ඇලිස් නම් වූ එම කාන්තාවගේ චරිතයට ජුලියන් මුවර් පණ පොවනවා. ක්‍රිස්ටීන් පවසන්නේ මෙම චරිතය වෙනුවෙන් ඇය කාලයක් පුරා මෙම රෝගය වැළඳී ඇති රෝගියෙකු සමගින් කාලය ගෙවූ බවයි. “ඒක හරිම අපූරු අත්දැකීමක්. එයා මම සමගින් දැන් ඉන්නවා. ඒ වුණත් එක තත්පරයකින් වෙනත් ලෝකයක. මොහොතකට කලින් වූ දේවල් එයාට මතක නැහැ. ඒක හරිම පුදුමයි. මොහොතින් මොහොත ඔවුන්ගේ මතකය වෙනස් වෙනවා. එවැනි පුද්ගලයෙක් සමගින් කාලය ගෙවීමට ලැබීම රංගන ජීවිතයේදී ලද වටිනා අත්දැකීමක්” ක්‍රිස්ටීන් පවසනවා.