වර්ෂ 2014 ක්වූ නොවැම්බර් 20 වැනිදා බ්‍රහස්පතින්දා




බිල් කොස්බිට අපචාර චෝදනාවක්

බිල් කොස්බිට අපචාර චෝදනාවක්

තිස් වසරකට පසු හොලිවුඩයේ ආන්දෝලනයට ලක් වූ තවත් කතාබහක්. හැබැයි එය අපචාර චෝදනාවක්. චෝදනාව කරන්නේ හොලිවුඩ් නිළියක්. ඇය බාබරා බෝව්මන්. චෝදනාවට ලක්වෙලා තියෙන්නේ ජනප්‍රිය රංගන ශිල්පියෙක්. ඔහු බිල් කොස්බි. ඔහු හාස්‍ය රංගනයෙන් ලොවම හිනැස්ස වූ නළුවෙක්, නිෂ්පාදකවරයෙක් වගේම ලේඛකයෙක්. කොස්බි ෂෝ නැමැති ජනප්‍රිය වැඩසටහන නිර්මාණය කරනුයේද ඔහු විසිනි.

බාබරා පවසන්නේ බිල් ඇයව අවස්ථා කිහිපයකදීම දූෂණයට ලක් කළ බවයි. 1985 වසරේදී ඇය මෙම අතවරයට ලක් වන විටදී ඇයගේ වයස අවුරුදු 17ක්. ඉන් පසුවත් අවස්ථා කිහිපයකදීම බාබාරා බිල් ගෙන් දූෂණයට ලක් වූ බවට ඇය චෝදනා කරනවා. දැන් ඒ සිදුවීම සිදු වී වසර විසිනවයක් ගත වෙලා අවසන්. ඒ වුණත් දැන් ඇය නිහඩව සිටින්නේ නැති බවයි පවසන්නේ.

“එදා කවුරුවත් ඒක විශ්වාස කළේ නැහැ. බිල් එවැනි දෙයක් කළා කියලා. මම බොහෝ කාලයක් හිතුවා. මම නිහඬව සිටි කාලය වැඩියි. අවසානයේදී මම මේ සියල්ල හෙළිදරව් කරන්න තීරණය කළා”. පසුගියදා බාබරා මාධ්‍යයට පවසා තිබුණා. පසුගිය ඔක්තෝබර් මාසයේදී පැවැති විකට වැඩසටහනකදී ඇය මෙම දූෂණ චෝදනාව ප්‍රසිද්ධියේ පැවසුවා. අධිකරණ ක්‍රිියාමාර්ග කෙසේ වෙතත් බිල් සහභාගි වූ The Late Show With David Letterman වැඩසටහනෙන් ඔහු ඉවත් කර තිබෙනවා.