වර්ෂ 2014 ක්වූ නොවැම්බර් 20 වැනිදා බ්‍රහස්පතින්දා




රාජ්‍ය රූපවාහිනී කලා උළෙල හෙට

හෝගානා පොකුණ ඉන්දියානු උළෙලට

උළෙල අද ඇරැඹේ

හතලිස් පස් වැනි අන්තර් ජාතික සිනමා උළෙල අද ඉන්දියාවේ ගෝව ප්‍රාන්තයේ පාංජිම් නගරයේදී ඇරැඹේ. මෙවර මෙම උළෙල නියෝජනය කරමින් මෙරටින් සහභාගි වනුයේ ඉන්දික ෆර්ඩිනැන්ඩස් අධ්‍යක්ෂණය කරන ලද හෝගානා පොකුණ චිත්‍රපටයයි.

උළෙලෙහි මෙවර සමාරම්භක ප්‍රධාන අමුත්තා වනුයේ ඉන්දියානු සුපිරි නළු අමිතාබ් භච්චන්ය. මෙම වසරේ ඉන්දියානු සියවසේ නළු සම්මානය පිරිනැමෙනුයේ දකුණු ඉන්දියානු නළු රජිනි කාන්ත්ය. උළෙලෙහි ප්‍රධාන අවධානය යොමු වී ඇත්තේ චීනයේ සිනමාව දෙසය.