වර්ෂ 2014 ක්වූ නොවැම්බර් 20 වැනිදා බ්‍රහස්පතින්දා




ඩබල් ඇක්ටින්

ඩබල් ඇක්ටින්

කොහොමටත් රංගන ශිල්පීන්ට ගත කිරීමට සිදුවන්නේ දෙබිඩි දිවි පෙවෙතකි. එහෙත් සැබෑවටම දෙබිඩි චරිත රඟන්නට සිදුවන අවස්ථා ද තිබේ.

හේමා මාලිනී රැඟූ සීතා ඕර් ගීතා එවැන්නකි. මෙවර දෙබිඩි චරිතයක් රඟපාන්නට යන්නේ අති දක්ෂ රංගන ශිල්පිනියක වන කන්ගනා රනවුත්ය. තනු වෙඩ්ස් මනු දෙවැන්නේ ඇය රඟන්නේ ද්විත්ව චරිතයකි. කන්ගනා අද බොලිවුඩයේ සිටින අති දක්ෂ නිළියක ලෙසින් සැලකෙන අතර තනු වෙඩ්ස් මනු හි අධ්‍යක්ෂ ආනන්ද් එල් රායි ද විශිෂ්ට අධ්‍යක්ෂවරුන්ගෙන් කෙනෙකි.

එනිසා මේ ද්විත්ව චරිතය භාරතීය සිනමාවේ අමරණීය මතකයක් වනවාට කිසිදු සැකයක් නැත. කලකට පසු බොලිවුඩයට එක්වන ද්විත්ව චරිතය මෙයයි. මේ අතර අපේ ජැකලින් ෆර්නැන්ඩස් ද ‘රෝයි’ සිනමාපටයේ ද්විත්ව චරිතයක් රඟන්නීය. ඒ අධ්‍යක්ෂිකාවක සහ කලාකාමී තරුණියක ලෙසයි.