වර්ෂ 2014 ක්වූ නොවැම්බර් 20 වැනිදා බ්‍රහස්පතින්දා




කාලගුණේ වාර්තාව

කාලගුණේ වාර්තාව

පසුගියදා ගිනස් ලෝක වාර්තා පොතේ පිටුවක් අලුතෙන් ලියවුණා. එයට හිමිකම් කියන්නේ සුප්‍රසිද්ධ කාලගුණ වාර්තා ඉදිරිපත් කරන්නෙකු වූ අල් රොකර්. ඔහු ගිනස් ලෝක වාර්තා අතරට ගියේ එකදිගට නොකඩවා පැය 34ක් පුරා කාලගුණ වාර්තාව ඉදිරිපත් කිරීමෙන්.

මීට පෙර ඒ වාර්තාවට හිමිකම් කිව්වේ එලී කාරී ගජෙන්ඩාල්. ඔහු ඒ සඳහා ගත කර තිබුණේ පැය 33ක්. දැන් වාර්තාව හිමි වෙන්නේ අල් රොකර්හටයි. මෙම වාර්තාව සමගින් අල් රොකර්හට ලැබුණු ඩොලර් 77,000ක මුලදක් ඔහු අමෙරිකානු යුධ හමුවේ සුබ සාධන කටයුතු වෙනුවෙන් වූ අරමුදලට බැර කරලා.