වර්ෂ 2014 ක්වූ අගෝස්තු 14 වැනිදා බ්‍රහස්පතින්දා




ඒ ආදරයත් ඉවරයි

ඒ ආදරයත් ඉවරයි

‘ඒ ආදරයත් ඉවරයි’. බොලිවුඩ් ප්‍රේම කථා බොහොමයකට එක් කිරීමට සිදු වී ඇත්තේ ඒ වගන්තියයි. සෝනම් කපූර් සහ සහීර් බෙරි මෙසේ පෙම් කථාව නිම කළ නව යුවළයි. මෝස්තර නිරූපණ ශිල්පී, ව්‍යාපාරික සහීර් බෙරිට කාර්යබහුලකම සහ දිල්ලි, ලන්ඩන්, ගෝවා සංචාර නිසා ප්‍රේමය දිගින් දිගටම පවත්වාගෙන යාමට නොහැකි වී තිබේ.

සෝනම්, සහීර් මුණ ගැසුණේ සමාජ වෙබ් අඩවියකිනි. එහෙත් දෙදෙනා ප්‍රේමවන්තයන් කිරීමේ අනංග කාර්යය සොයුරිය රියා විසින් සිදු කරන ලදී. දෙදෙනා සමාජයෙන් ප්‍රේමය රහසක් කර තබා ගත්ත ද ජුනි 9 වැනිදා සහීර්, සෝනම්ගේ උපන් දින සාදයට පැමිණි පසු මාධ්‍යයේ උකුසු ඇසින් ගැලවීමට ඉඩක් ලැබී නැත. මීට පෙර ඇයගේ පෙම්වතා වූයේ පූනිත් මල්හෝත්‍රාය. ඒ ප්‍රේමය ද උපන් තැනම වැළලුණකි.