වර්ෂ 2014 ක්වූ අගෝස්තු 14 වැනිදා බ්‍රහස්පතින්දා




රංගන ශිල්පිනියකගෙන් නවකතාවක්

රංගන ශිල්පිනියකගෙන් නවකතාවක්

‘වැහිලිහිණි’, ‘සිහින පියාපත්’, ‘වැස්ස නුඹ වාගේ ‘ වැනි ටෙලි නාට්‍යයන් හි රඟපා කලා දිවියට පැමිණි ශ්‍රීමාලි කරුණාරත්න ලේඛිකාවක ලෙස ද දොරට වඩී. ඇගේ පළමු නවකතාව ‘ඉඩෝරයේ පිපි කුසුම්’ වන අතර ‘අසම්ප්‍රයෝගය’ ඇගේ දෙවැනි නවකතාවයි.

බෞද්ධ ආගම ගැන පොත්පත් ලිවීමටත්, නවකතා රචනයටත් උත්සුක වන ඇය ලේඛිකාවක් ලෙස තම ඉදිරි අනාගතය සාර්ථක කර ගැනීමට බලාපොරොත්තු වේ. ශ්‍රීමාලිගේ අලුත්ම නවකතාව වන ‘ප්‍රථම වසන්තය’ නුදුරු දිනකදී රසිකයන් අතට පත් වනු ඇති.