වර්ෂ 2014 ක්වූ අගෝස්තු 14 වැනිදා බ්‍රහස්පතින්දා




FEEDBACK

යටගිය දවස හොඳයි

ඇල්ෆ්‍රඩ් ගේ යටගිය දවස විශේෂාංගය තුළින් ඇල්ෆ්‍රඩ් පෙරේරා මහතාගේ ජීවිතයේ මෙතෙක් අප නොදත් කරුණු දැන ගැනීමට ලැබීම සතුටකි.

දයාරත්න ගනේගොඩ

කැලණිය

ලක්හඬට ප්‍රණාමය

මෙතෙක් අප රස නොවිඳි ජෝතිගේ විරල ගීත පවා ලක්හඬ ජෝති රාත්‍රිය තුළින් ප්‍රචාරය කරන ලක්හඬ ගුවන් විදුලි සේවයට මාගේ ප්‍රණාමය.

සුනිල් චන්ද්‍රසේකර

යාගොඩමුල්ල

කොටුගොඩ

ඇහැළේපොළට සම්මාන

ඇහැළේපොළ කුමාරිහාමි ඓතිහාසික සිදුවීමක් අළලා තැනුණ චිත්‍රපටයකි. එයට අනිවාර්යයෙන්ම සම්මානයක් පිදිය යුතුය.

වියානි ගුණවර්ධන

නිලන්ත,

වයානි ගුණවර්ධන

ශීලා වැන්ඩර්ලන්

වෙන්නප්පුව

රනා අගනේය

අද තිබෙන බොහෝ ටෙලි නාට්‍යවලට වඩා වෙනස් තේමාවකින් පාරම්පරික විශ්වාසය මොනවට පැහැදිලි කරමින් නිමා වූ අගනා ටෙලි නාට්‍යයකි රනා. මාලිනී ෆොන්සේකා, ජගත් චමිල, ආශා එදිරිසිංහ ඉතා උසස් රංගනයක යෙදීම නාට්‍යයට තවත් ආලෝකයක් විය.

රංජනී අමරසිංහ

වල්පොළ

භාවතීර්ථ කතාව අර්ථවත්ය

මනුස්සකමට ප්‍රධාන තැන දීම හේතුවෙන් මනාලයා තම ප්‍රථම මංගල රාත්‍රිය පොලිස් ස්ථානය තුළම නිදිවර්ජිතව ගෙවා දමයි. භාවතීර්ථ පළමු කතාව සාක්ෂිය එසේ දිග හැරුණි. දෙවැන්නෙන් ‘පුතා එනතුරු’ විය. එය විදේශගත වූ තම පුතා එනකම් දුකසේ කල්මරණ මහළු අම්මා දැඩි පුතු ස්නේහයෙන් පුතු නොදැකම මියැදේ. මෙම කතා දෙකෙන්ම අදියුරු මානුෂීය ගුණාංග රසවත්ව අර්ථවත්ව අපට ඉදිරිපත් කරයි.

ඩඩ්ලි ගෝමස්

මොරටුව

නැවත නරඹන්නට සිතේ

සුගත් සමරකෝන්ගේ ඇහැළේපොළ කුමාරිහාමි චිත්‍රපටය හරිම ලස්සනයි. වැඩිම වියදමින් තැනුණ ඇහැළේපොළ කුමාරිහාමි නැවත නරඹන්නට මට සිතුණි.

සරත් සේනාධීර

ජාඇල

කාන්ති ආවාට සතුටුයි

අතීතයේ ප්‍රියංගා චිත්‍රපටයෙන් සුන්දර පෙම්වතිය වී සිනමාව ආක්‍රමණය කළ කාන්ති ලංකා අද සම්ප්‍රදායක නැන්දම්මා චරිතයට වෙනස් අර්ථකථනයක් දෙමින් නැවත වරාමලී ටෙලි නාට්‍ය තුළින් රංගනයට පැමිණීම සතුටකි.

සුසිලා පතිරාජ

උස්වැටකෙයියාව

සුබපැතුම්

ජනප්‍රිය නළු රොෂාන් රණවන සහ කුෂ්ලානි දෙපොලට මාගේ උණුසුම් සුබපැතුම්.

තිලකරත්න විල්වල

කෑගල්ල

S.M.S.

ගොඩක් කලෙකින් තාරක හෙට්ටිආරච්චිව දැක්කේ නැහැ. ඔහු පුංචි කාලේ පුංචි සුරංගනාවි සිනමා සිතුවමේ බොහොම අපූරු චරිතයක් මැව්වා. තාරකව දැන් දකින්නත් ආසයි.

ෆාතිමා

වැලිගම

වෙද හාමිනේ . . .

සදහට ඔබේ රුව අප සමඟයි. සුවහසක් රසික සිත් සිය විස්මිත රංගන ප්‍රතිභාවෙන් සුවපත් කළ රෙබෙකා සොයුරියනි, පිළිකා මාරයා ඔබේ ජීවිතය බිලිගත්ත ද සදාකල්හිම ඔබ අප හදවතේ ජීවත් වේවි.

හර්ෂනාථ බණ්ඩාර

නිකවැරටිය

රෙබෙකා ඔබට නිවන් සුව

සනනි හසාරා

පෝද්දල

පුංචි වලව්ව නිමා වුණත් එහි දුලීකාගේ රංගනය නම් හැමදාමත් අප මතකයේ තියේවි.

ෂානුක රුක්ෂාන්

ගිරිඋල්ල

ප්‍රමුදිත උදය කුමාර පුංචි මල්ලියෝ, ඔයා සිරිපැරකුම් චිත්‍රපටයේ වගේම ඇහැළේපොළ කුමාරිහාමි චිත්‍රපටයේ මද්දුම බණ්ඩාරගේ චරිතය අපූරුවට නිරූපණය කළා. ඔයාට අති විශිෂ්ට රංගන හැකියාවක් තියෙනවා. දිගු ගමනකට ආසිරි පතනවා.

මධුෂිකා සඳරුවනි

කඩුවෙල

සුරංගනාවී මගේ සඳක් වගේ පායලා ගීතය ගයන රුවන් හෙට්ටිආරච්චි රංගනයට පිවිසෙනවා නම් අගෙයි.

මුතු

අහුංගල්ල

සුරාජ් මාපාගේ මෙතෙක් නොදුටු රංගනයක් දැක්කා කළු අරලියා ටෙලි නාට්‍යයේ. එහි ඔහු බොරු දත් කුට්ටමක් දාගෙන කටහඬත් වෙනස් කරගෙන අපව වසඟයට ගන්නවා.

වික්‍රම

මිද්දෙණිය

ශිහාන් මිහිරංග අයියේ ‘මගේ වෙලා ළඟ උන්නු ඔයා’ ගීතය සුපර්.

ශානු

ගාල්ල

ආශා එදිරිසිංහට හොඳට රඟපාන්න පුළුවන් කියලා මං දැනගත්තේ රනා ටෙලි නාට්‍යයෙන්. ඇය තමයි මං දුටුව පුංචි තිරයේ අහිංසකම අහිංසකාවිය.

දිලිනි අප්සරා

මොරටුව

මේරියන්ස් නලින් අයියා පවුලෙන් වෙන් වී සිටි ඔබ නැවතත් පවුලටම එකතු වුණා. ඔබ ලබා දුන්නේ හොඳම හොඳ ආදර්ශයක්. ඔබට මගෙන් මල් මිටක්.

නිරෝෂා

මාරවිල

අමෙරිකාවේ සිනමාව හොලිවුඩ්. උතුරු ඉන්දියාවේ සිනමාව බොලිවුඩ්. දකුණු ඉන්දියාවේ සිනමාව කොලිවුඩ්. එසේ නම් අපේ සිනමාව හෙලවුඩ් නමින් හැඳින්නුවොත් නරකද.

ආනන්ද වික්‍රමආරච්චි

ඉහළ තල්දූව

ජින්ජර් අක්කිගේ ගීත ප්‍රසංග වේදිකාවටම ගැළපෙනවා. ‘මල්සරාගෙ දුන්න’, ‘මේ හැම ගීතයක්ම’ ඉන් කිහිපයක්.

නිලූ

දෙහිවල

සුරේන්ද්‍ර පෙරේරාට දිගු ගමනක් යන්න නම් අනුන්ගේ සිංදු කියන එක නවත්වන්න ඕනෑ.

සදෙව්

අලුත්කඩේ

දිනූෂා නැති හත්දින්නත් තරු වැඩසටහන හරිම පාලුයි. දිනූෂා ඔබයි එහි අට වැනි තරුව.

ශානිකා

කළුබෝවිල

දෙරණ ඩ්‍රීම් ස්ටාර් වැඩසටහනේ තුන්වැනියා වුණු ලහිරු සහ මිස් ශ්‍රී ලංකා තුන්වැනියා වුණු ටීනා ප්‍රනාන්දු යන දෙදෙනා චිත්‍රපටයක සුපෙම්වතුන් විදිහට රඟපාන්න දුන්නොත් ඒ නිර්මාණය සාර්ථක වේවි.

ධනු

නාවල

හිරු නාලිකාවේ විකාශය වන කොපිචැට් වැඩසටහනට ප්‍රදීප් රංගන අයියාවත් ගෙන්වා ගන්න.

අසංගිකා

කුරුණෑගල

සෙනසුරාදා ITN ඉංග්‍රීසි චිත්‍රපටය ඕනෑ

සෙනසුරාදා රාත්‍රියේ ස්වාධීන රූපවාහිනිය ඔස්සේ අප වෙත ගෙනා ඉංග්‍රීසි චිත්‍රපටය නැවැත්වීම බලවත් පාඩුවකි. එහි විකාශය වූ ඉංග්‍රීසි චිත්‍රපට පෙළ නොකඩවා නැරැඹූ සිනමා ලෝලියකු වශයෙන් මම ඉල්ලීමක් කරමි. ඒ නැවතත් එම විකාශ කාලය චිත්‍රපටයක් සඳහා වෙන් කරන ලෙසය.

සපුමල් සේනාරත්න

කළුතර

ඩිමන්ත වෙල්ලාලගේ ගයන ‘නිදුකින් ඉනු මැන’ ගීතය ඔහු සංවේදීව ගයලා තියෙනවා. ඩිමන්ත කියන්නේ අනාගතයේ හොඳ ගායකයෙක් කියලා ඒ ගීිතයෙන් අපට පැහැදිලි කළා.

ලක්මාලි

වරකපොළ

ඔබේ ප්‍රතිචාර ක්ෂණිකව 0752805047 අංකයට එවන්න. තැපැල් හෝ සටහන් පත් මඟින් ප්‍රතිචාර එවනවා නම්
ප්‍රතිචාර, සරසවිය, ලේක්හවුස්, කොළඹ 10
ලිපිනය විවෘතයි.

www.sarasaviya.lk  යන වෙබ් පිටුව හරහා ද ප්‍රතිචාර දැක් විය හැකිය.