වර්ෂ 2014 ක්වූ අගෝස්තු 14 වැනිදා බ්‍රහස්පතින්දා




සුනෙත් මාලිංග තුන් වරක් තුන ගණන් කරයි

සුනෙත් මාලිංග තුන් වරක් තුන ගණන් කරයි

සුනෙත් මාලිංග ලොකුහේවා අධ්‍යක්ෂණය කරන නවතම සිනමාපටය 3 වරක් 3 සිනමාපටයේ මුහුරත් උළෙල පසුගියදා ජාතික චිත්‍රපට සංස්ථාවේ තරංගනී ශාලාවේදී පැවැත්විණ. දරුවන් තිදෙනෙකු, රොබෝවරු තිදෙනෙකු සහ මංකොල්ලකරුවන් තිදෙනෙකු වටා ගෙතුන කතා පුවතකින් සමන්විත මෙය හාස්‍යෝත්පාදක සිනමාපටයකි.

ආනන්ද වික්‍රමගේ, සරත් චන්ද්‍රසිරි, නිරෝෂන් විජේසිංහ, රුවන්ති මංගලා, නිල්මිණි කෝට්ටෙගොඩ, ශාලිකා එදිරිසිංහ, නන්දන හෙට්ටිආරච්චි, ජනක රණසිංහ, ලෝචනා ඉමාෂි, ඇතුළු ආක්ෂ් විහඟ ගුණතිලක, විමංශා යාපා සහ විරාජ් මධුශාන් යන ළමා නළු නිළියන් රඟන 3 වරක් 3 ජගත් එම්. යාපාගේ නිෂ්පපාදනයකි. රජන්ත ජයසිංහ ඉරෝෂන ගයාන් වීරකෝන් සම නිෂ්පාදකවරු වශයෙන් කටයුතු කරයි. නීතිඥ සමන් වීරමන් උපදේශනයෙන් දායක වන මෙහි කැමරා අධ්‍යක්ෂණය සුරේෂ් ධම්මිකගෙනි. ශාන් අල්විස්ගේ සංස්කරණයකි. ධනුෂ්ක ජයවර්ධන සහාය අධ්‍යක්ෂවරයාය. කසුන් නාමල් නිෂ්පාදන කළමනාකරු වේ. කලා අධ්‍යක්ෂණය සහ ඇඳුම් නිර්මාණය අජිත් හත්වැල්ලගෙනි. තාරක අධිකාරි අංග රචනයෙන් ද, බන්දුල නානායක්කාරවසම් ගී පද රචනයෙන් ද, ආනන්ද ගමගේ පසුබිම් සංගීතයෙන් ද, මෙවන් ලියනගේ නිශ්චල ඡායාරූපකරණයෙන් ද මෙයට එක් ෙවි. ඇන්ටන් ජේ. ප්‍රනාන්දු මාධ්‍ය සම්බන්ධිකරණයෙන් සහභාගි වෙයි. ශබ්ද පරිපාලනය ඩේමියන් පෙරේරා ගෙනි. කතාව දෙබස් තිර රචනය සහ විධායක නිෂ්පාදනය සුනෙත් මාලිංග ලොකුහේවා විසිනි.