වර්ෂ 2014 ක්වූ අගෝස්තු 14 වැනිදා බ්‍රහස්පතින්දා




මියුරු මල් ගී සර 23 දා

මියුරු මල් ගී සර 23 දා

කෝපි කඩේ කපිල ලෙසින් රූපවාහිනිය නරඹන්නන්ගේ හදවත දිනූ නිමල් පුෂ්ප කුමාර් ද සිල්වාගේ ‘මියුරු මල් ගී සර’ නම් ප්‍රේමණීය ගී සැඳෑව මේ මස 23 වැනිදා පස්වරු 6.30 ට බිෂොප් රංග ශාලාවේදී පැවැත්වේ.

සුප්‍රියා අබේසේකර හා ප්‍රියා සූරියසේන යන ආරාධිත ශිල්පීන් ගී ගයන මේ ගී සැඳෑවේ නර්තනය සංඛ අබේසිංහගෙනි. විශාරද මනෝජ් පීරිස්ගේ සප්ත ස්වරයෙන් හැඩවන මේ සොඳුරු සැඳෑවේ කථනය වසන්ත රෝහණගෙනි.


හෙණ පහර 26

ලේඛක ගුණසිරි ජයවර්ධනගේ අනුවර්තනය කළ ‘හෙණ පහර’ කෘතිය මේ මස 26 වැනිදා පෙරවරු 10.00 ට මරදාන දයාවංශ ජයකොඩි සහ සමාගමයේ නව පොත් ප්‍රදර්ශනාගාරයේදී එළි දකී.

‘හෙණ පහර’ දයාවංශ ජයකොඩි ප්‍රකාශනයකි.