වර්ෂ 2014 ක්වූ අගෝස්තු 14 වැනිදා බ්‍රහස්පතින්දා




වන්නි වේදිකාවෙන් ප්‍රතිභාව පෙන්වූ ජනක

වන්නි වේදිකාවෙන් ප්‍රතිභාව පෙන්වූ ජනක

වන්නියේ වේදිකා සංචිතය ඔහුගේ කලා දිවියේ නිජබිමයි. එදවස වසන්ත බණ්ඩාර දුක්ගන්නාරාල ඇතුළු පිරිස එකතුවෙන් නිර්මාණය කළ කලා ප්‍රතිභාවන් සපිරි ආදුනිකයන්ගේ එකමුතුව තුළ ඔහුට හිමිවූයේ ස්වශේෂී ස්ථානයකි. දිනෙන් දින තම හැකියාවන් ඔප්නංවා ගනිමින් පුංචි අවදියේ සිට තම සිත පොලඹවන නළුවකුවීමේ සිහිනයෙන් පොරබදන හෙතෙම අද ස්වාධීන රූපවාහානියේ අංගරචනා, ශිල්පියෙකු ලෙස කටයුතු කරයි.

කලා ක්ෂේත්‍රයේ බොහෝ ඉසව් ස්පර්ෂ කළ ජනක ජමින්ද බණ්ඩාර නම් මේ අපූරු තරුණයා සරසවියෙහි ඕඥඩඪදඤ ඊඩඥ ඉජඥදඥ සමඟ එදා වන්නි පොළව තුළ තම ප්‍රතිභාව ප්‍රකට කළ අතීත, වර්තමාන, අනාගත කථනයයි මේ.

අපේ මුල් පදිංචිය වව්නියාවේ. ත්‍රස්තවාදයෙන් බැට කෑ අපි පණ බේරා ගන්න හොරොව්පතානට ආවා. මගේ තාත්තා අදත් හොරොව්පතාන පොලිසියේ සේවය කරනවා. හොරොව්පතාන රුවන්වැලි මධ්‍ය මහා විද්‍යාලය, යක්කල අනුර මධ්‍ය මහා විද්‍යාලයට, නැවතත් හොරොව්පතාන රුවන්වැලි විද්‍යාලයට යන්න උනෙත් මේ ත්‍රස්තවාදය නිසයී. මට මල්ලිලා දෙන්නෙක් ඉන්නවා. එක්කෙනෙක් පොලිසියෙ. අනෙත් මල්ලි හමුදාවේ.

මෙවන් වටපිටාවක ජීවත් වූ ඔබ කලාව දෙසට සිත් යොමු කළේ කොහොමඳ?

පුංචි කාලේ ඉඳන් මගේ අසාව තිබුණේ නළුවෙක් වෙන්න. ඒකට මූලික අඩිතාලම වැටුනේ පාසල් වේදිකාවෙන්. උසස් පෙළ අවසන් කළ මං ඩග්ලස් සිරිවර්ධන මහතාගේ රංගන වැඩමුළු සඳහා නිතර කොළඹ ආවගියා. මේ අවධියෙම ඒ කියන්නේ 1996 වර්ෂයේ වන්නියෙ වේදිකාව කියල සංචිතයක් හැදෙනවා. දුක්ගන්නාරාල මහත්තය මූලික වෙලා තමයි මේ සංචිතය පිහිටුවන්නේ මෙහිදිත් වේදිකා නාට්‍ය ක්ෂේත්‍රයේ ඉන්න ප්‍රවීණයන්ගෙන් පුහුණුවක් ලබනවා. මේ පුහුණුව අවසන් කරල කොළඹ ජාතික තරුණ සේවා සභාවේ තිබුණු නාට්‍ය පාසලට බැඳුණා. මෙහිදිත් මට ජයලත් මනෝරත්න, නිශ්ශංක දිද්දෙනිය, සෝමලතා සුභසිංහ, ලයනල් රංවල වැනි ප්‍රවීණයන් යටතේ ඉගෙන ගන්නවා. මේ අයගේ නාට්‍යවලට අපිව සම්බන්ධ කරගන්නවා. ඒ අනුව මම රන්වල මහතාගේ නාට්‍ය කණ්ඩායමට සම්බන්ධ වෙලා එතුමා මියයන තුරු එතුමන් සමඟ වැඩ කළා.

ජනක ක්ෂේත්‍ර ගණනාවක් ඇසුරු කළ අයෙක්. අපි ඒ ගැනත් කියමු?

රංගන ශිල්පියෙක්, නාට්‍ය හා චිත්‍රපට රචකයෙක්, මැදිරි නිෂ්පාදකවරයෙක්, ටෙලි නාට්‍ය සහය අධ්‍යක්ෂවරයෙක්,රූපවාහිනී වැඩසටහන් අධ්‍යක්ෂවරයෙක්, චිත්‍රපට අධ්‍යක්ෂවරයෙක් වශයෙන් කටයුතු කරල අද අංග රචනා ශිල්පියෙක් ලෙස කටයුතු කරනවා.

ක්ෂේත්‍ර ගණනාවක, නියැළුණු ඔබ ඇයි අද අංග රචන ශිල්පයට කොටුවී සිටින්නේ?

යම් අසනීප තත්වයක් මට ඒකට බලපෑව. ඒවගේම ස්ථීර රැකියාවක් කිරීමේ අදහසත් තිබුණා. ඒ නිසා තමයි අංග රචනය පැත්තෙන් රැකියාව කරන්නේ.

මේ ක්ෂේත්‍ර?යේ ඔබේ ගුරුවරයා කවුද?

ජයන්ත රණවක මහතා.

අංග රචනා ශිල්පියකු වශයෙන් ඔබේ වගකීම කුමක්ද?

මේක බැරෑරුම් විෂයක්. කෙටියෙන් කිව්වොත්, යම් නිර්මාණයකදී අධ්‍යක්ෂවරයාගේ හිතේ ඇදුනු රූපය ඔහුට ඇවැසි අයුරින් සකසා දීම මගේ වගකීමයි.

රංගනයෙන් දායකවූ පළමු වේදිකා නාට්‍යය?

ලයනල් රංවල මහතාගේ යුද්දෙටත් ඇවිත්.

රචනයෙන් හා අධ්‍යක්ෂණයෙන් මේ දෙකෙන්ම දායකවූ පළමු වේදිකා නාට්‍ය මොනවද?

මං උඹට දෙන්නේ නෑ.

අංගරචනයෙන් දායක වූ පළමු ටෙලිය?

බෙනට් රත්නායකගේ නව වෙනි කඩුල්ල.

රචනයෙන් හා අධ්‍යක්ෂණයෙන් දායකවූ චිත්‍රපටය?

හස්ති මදාරා දැනටමත් මේ චිත්‍රපටයෙ බොහොමයක් වැඩ අවසන්

කාලෙකට පස්සේ රංගනයට ඇවිත් කියන්නේ ඇත්තද?

ඔව් , අවුරුදු අටකට පස්සේ ඩිල්ෂාන් පතිරත්න අධ්‍යක්ෂණය කරන රුයිත හතර ටෙලියේ රංගනයෙන් දායක වී සිටිනවා.

ඔබේ පවුලෙ විස්තර?

මම විවාහකයි. දැනට පදිංචිය හෝමාගම, බිරිඳ චේතනී ලතිකා සේනානායක, ලොකු පුතා ජයන කෝට්ටෙ ආනන්ද විදුහලේ දෙවන වසරේ ඉගෙනුම ලබනවා, පොඩි පුතා ජිතුල.

අනාගත බලාපොරොත්තු?

දැනට පවත්වාගෙන යන ඇකඩමිය දිගටම කරගෙන යන්නත්, අංග රචනය පිළිබඳ පොතක් ලියන අතරේ තවත් චිත්‍රපටයක් කරන්නත් සූදානමකින් ඉන්නේ.