වර්ෂ 2014 ක්වූ අගෝස්තු 14 වැනිදා බ්‍රහස්පතින්දා




තඹරවිලට මහාචාර්ය සනත් නන්දසිරි

තඹරවිලට මහාචාර්ය සනත් නන්දසිරි

උදය තෙන්නකෝන්ගේ අධ්‍යක්ෂණයෙන් හා නිෂ්පාදනයෙන් හැඩවන ‘තඹරවිල’ සංගීත වැඩසටහන සෑම ඉරිදාවකම රාත්‍රී 10.00 ට ස්වාධීන රූපවාහිනි සේවයෙන් විකාශය වෙයි. මේ මස 24 වැනිදා පැවැත්වෙන ‘තඹරවිල’ සංගීත වැඩසටහන සඳහා සහභාගි වන්නේ මහාචාර්ය සනත් නන්දසිරිය.

ඔහු ගැයූ ගීත හා සංගීතය නිර්මාණය කරනු ලැබූ ගීත පිළිබඳ කතාබහට ලක්වෙන මේ සංගීත වැඩසටහනේදී ගායන ශිල්පියෝ හා ශිල්පිනියෝ රැසක් ගායනා ද ඉදිරිපත් කරති. මෙහි සංගීතය මෙහෙයවීම හා අධ්‍යක්ෂණය ලලිත කලා විශාරද මනෝජ් පීරිස්ගෙනි.