වර්ෂ 2014 ක්වූ අගෝස්තු 14 වැනිදා බ්‍රහස්පතින්දා




නිළි රැජන දුන් තෑග්ගක්

නිළි රැජන දුන් තෑග්ගක්

අධ්‍යක්ෂ විමලදාස පෙරේරා

මගේ පැරැණි ගීත අලුත් සංගීතයට අලුත් ගායක ගායිකාවන් රැසකට කියා ගයා සී. ඩී. පටයක් ලෙසින් එළි දැක්වීමට මා අදහස් කරනවා. එහි කටයුතුත් සමඟ ඉදිරියේදී ‘කැලෑහඳ’ චිත්‍රපටයක් ලෙස කිරීමේ අදහසක් ද මා සතුයි.

මේ අතරම මගේ උපන් දිනය ළඟදීම එළැඹෙන නිසා පවුලේ හැමෝම එකට එකතු වෙලා එය සමරන්නත් සූදානම්.

එහෙම කියන විට මට මතක් වෙන්නේ මගේ 35 වැනි උපන් දිනයේදී අපේ නිළි රැජන මාලිනී ෆොන්සේකා මහත්මිය දුන්න තෑග්ගයි. එය තවමත් මා ළඟ සුරක්ෂිතව තිබෙනවා. සමහර අවස්ථාවලදි එය බලලා මම බොහොම සතුටට පත් වෙනවා.