වර්ෂ 2014 ක්වූ අගෝස්තු 14 වැනිදා බ්‍රහස්පතින්දා




අජේ අශෝක වෙලා

අජේ අශෝක වෙලා

‘සිංහම් රිටර්න්ස්’ සමඟ රජ ගමනක යන අජේ දේව්ගන්ට ඉන්දු – ප්‍රංශ සිනමාපටයක රජ චරිතයක් රඟපෑමට වරම් ලැබී තිබේ. ඒ එසේ මෙසේ රජ චරිතයක් නොවෙයි. අශෝක රජුගේ චරිතයයි. හොලිවුඩයේ සුපිරි තාරකාවක් ප්‍රධාන නිළි චරිතයට තෝරා ගැනීමට නිෂ්පාදක කණ්ඩායම බලාපොරොත්තු වෙයි.

අන්තර්ජාතික සිනමාපටයක් ලෙසින් නිර්මාණය වන මෙය අජේට අලුත්ම අත්දැකීමක් වනු ඇත.

අජේගේ ‘සිංහම් රිටර්න්ස්’ මේ දිනවල අති සාර්ථක ආදායමක් ලබමින් තිරගත වෙයි. සිනමාපටයෙන් දෙදිනකදී ලැබී ඇති ආදායම ඉන්දියානු රුපියල් කෝටි 50 කි.