වර්ෂ 2014 ක්වූ අගෝස්තු 14 වැනිදා බ්‍රහස්පතින්දා




පරපුර දොරට වඩියි

පරපුර දොරට වඩියි

ක්ලීටස් මෙන්ඩිස් පළමුවරට අධ්‍යක්ෂණය කළ පරපුර සිනමාපටය පසුගිය සිකුරාදා සිට සී. ඊ. එල්. මණ්ඩලයේ සිනමා ශාලාවන් හී තිරගතවීම ඇරැඹිණ. රිසිල ෆිල්ම්ස් ඉදිරිපත් කිරීමක් වන මෙහි සම නිෂ්පාදකවරයා වන්නේ ද ක්ලීටස් වේ. රන්ජන් රාමනායක, කාන්චනා මෙන්ඩිස්, රවීන්ද්‍ර රන්දෙණිය, සනත් ගුණතිලක, ජීවන් කුමාරණතුංග, දිල්හානි ඒකනායක, නීටා ප්‍රනාන්දු, ටෙනිසන් කුරේ, පාලිත සිල්වා, චිලී, ඩිලංග මෙන්ඩිස්, මල්ෂා කුමාරණතුංග ඇතුළු නළු නිළියන් රැසක් මෙහි චරිත මවති.

ලලිත් තෝමස් කැමරාව මෙහෙයවා ඇත. ලාල් ප්‍රියදේව තිර රචනයෙන් ද, රාජසිංහ ලෝලුවාගොඩ කතාව දෙබස් සැකසුමෙන් ද එක් විය. දිනේෂ් සුබසිංහ ස්වර රටා මවා ඇත. නිහාල් සංජයගේ ප්‍රචාරණ සැලසුම්කරණයකි.


ශ්‍රී ලාංකේය කලාකරුවන්ගේ ජාතික සංවිධානය මඟින් සංස්කෘතික හා කලා කටයුතු අමාත්‍ය ටී. බී. ඒකනායක මහතා වෙනුවෙන් සංවිධානය කළ විශේෂ උපහාර උළෙලක් පසුගියදා බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්විණ. ඒ අමාත්‍යවරයාට මල්වතු මහ විහාරයේ විංසද්වර්ගික කාරක සංඝ සභාවෙන් ලබා දුන් කීර්ති ශ්‍රී ජනරංජන ගෞරව සම්මාන උපාධි නාමය අගයමිනි.

උත්සවයෙහි ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සහභාගී විය. මෙහිදී අමාත්‍යවරයා විසින් රචිත මල්වතු විහාරවංශය කෘතියේ මුල් පිටපත ජනාධිපතිතුමන් වෙත පිළිගන්වන ලදී.

පණ්ඩිත් අමරදේවයන්, ටවර් හෝල් රඟහල පදනමේ අධ්‍යක්ෂ ජනරාල් නීතිඥ, ශ්‍රී ලාංකේය කලාකරුවන්ගේ ජාතික සංවිධානයේ කැඳවුම්කරු ඩග්ලස් සිරිවර්ධන සහ මහාචාර්ය මුදියන්සේ දිසානායක පසෙකින් සිටී.